Home » ශෂිනි භාග්‍යා රන් පදක්කම් තුනක් හිමිකර ගනී

ශෂිනි භාග්‍යා රන් පදක්කම් තුනක් හිමිකර ගනී

by sachintha
June 26, 2024 2:55 am 0 comment

ආදි ආනන්ද මලල ක්‍රීඩා කණ්ඩායම විසින් සංවිධානය කරන ලද K. L. F. විජේදාස අභියෝගතා කුසලාන මලල ක්‍රීඩා ශුරතාවලියේදි කොළොන්නාවේ ශෂිනි භාග්‍යා ක්‍රීඩිකාව රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වූවාය.

මීටර් 100, මීටර් 200 සහ මීටර් 400 යන ඉසව් තුනම ජයග්‍රහණය කරමින් ඇය මෙම රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වූවාය. වයස අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ද ඇයයි.

ශෂිනි භාග්‍යා මුල්ලේරියාව එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිට මේ වන විට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන්නීය. ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජාතික තලයේ පුහුණුකරුවකු වන දිමුත් මුදලිගේ මහතා විසිනි.

මෙම ජාතික මලල ක්‍රීඩා තරගාවලිය ජූනි 23 සහ 24 යන දිනවල සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුල්ලේරියාව

සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT