කැලණිය හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා ඉෆාෂා සහ මොහොමඩ් සෆාන් මවුපිය යුවලගේ තුන් හැවිරිදි පුතු වන මුහම්මද් ෂම්ලාන් ළදරු පාසල් අධ්‍යාපනය හෝ ලබා නොමැති කුඩා දරුවකු වන අතර පුංචි ෂම්ලාන් දෙවන වරටත් ලෝක වාර්තාවක් තබමින් ශ්‍රීලංකාවේ නාමයට කීර්තියක්ගෙන දීමට සමත්වී ඇත.
පින්තූර 1098ක නම් හදුනාගෙන ලොව ඉහළ මතක ශක්තියක් ඇති දරුවෙකු ලෙසින් චෝලන් ලෝක වාර්තා පොතට එක්වීමට හැකියාව පෙන්වූ ෂම්ලාන් 2021/4/22 වනදා උපන් දරුවෙකි.
මොහොමඩ් ෂම්ලාන් මීට පෙර ඔහුට අවුරුද්ද ක් සපිරෙන අවධියේදීද ඉන්ටර්නැෂනල් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනය විසින් පැවැත්වූ තරගයකට සහභාගි වී තත්පර 46 කින් රටවල් 35 ක කොඩි සහ මුදල් ඒකක හදුනාගෙන එකවර කියාගෙන යාමෙන් වාර්තාවක් බිහි කළ දරුවකු යැයි ෂම්ලාන් ගේ මෑණියන් වන ෆාතිමා ඉෆාෂා මහත්මිය පැවසුවාය.
ඉලක්කම් , මල් වර්ග, පලතුරු, කුරුල්ලන්, සතුන්, ධාන්‍ය, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරග, කෘමීන්, මල්, මාළු, සිංහල, ඉංග්‍රීසි, අරාබි භාෂා අක්ෂර, දේශපාලන නායකයන්, විවිධ වෘත්තීන්, ලෝක ප්‍රසිද්ධ කුළුණු, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්, ජාතික ක්‍රීඩකයින්, ආහාර සහ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය ඇතුළු පින්තූර 1098ක නම් හදුනාගෙන මෙම ලෝක වාර්තව පිහිටුවා ඇත.
මේ අනුව වයස අවුරුදු තුනේ දී ලොව ඉහළම මතක ශක්තියක් ඇති දරුවා ලෙස ෂම්ලන් දරුවා නම් කර තිබෙනවා.
ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන ලද මෙම චෝලන් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා චෝලන් ලෝක වාර්තා පොත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා මහතා සහ මහනුවර දිස්ත්‍රික්කයේ උප සභාපති චන්ද්‍රමෝහන් යන මහත්වරු විනිසුරුවන් ලෙස කටයුතු කරමින් මෙය ලෝක වාර්තාවක් ලෙස ලියාපදිංචි කර ඇත.
චෝලන් ලෝක වාර්තාවට හිමිකම් කියන ෂම්ලන්ට විනිසුරුවරුන් විසින් රාමුගත සහතිකයක්, රන් පදක්කමක්, සමරු ඵලකයක් සහ හැඳුනුම්පතක් පිරිනමා උපහාර දැක්වීය.
මෙම චෝලන් ලෝක වාර්තා වැඩසටහන සදහා කැලණිය හුණුපිටිය ශ්‍රී ජයන්ති මහවිහාරයේ විහාරාධිපති බුක්කන්නේ රතනජෝති හිමි කැලණිය ග්‍රාම නිලධාරී සුනිල් ශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජමියතුල් උලමා අල් හජ් නුහුමාන් ඉනාමි යන මහත්වරු සහභාගී වූහ.
කැලණිය – කේ එස් හැන්නදි