Home » හදිසියේ හටගත් ගින්නෙන් ඇලුමිනියම් හා ප්ලාස්ටික් කම්හලක කෝටි 5ක් විනාශයි

හදිසියේ හටගත් ගින්නෙන් ඇලුමිනියම් හා ප්ලාස්ටික් කම්හලක කෝටි 5ක් විනාශයි

by sachintha
June 26, 2024 2:04 am 0 comment

වවුනියාවේ මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පිහිටි ඇලුමිනියම් හා ප්ලාස්ටික් කම්හලක් පෙරේදා (24) සවස හදිසියේම ගිනි ගැනීම නිසා රුපියල් කෝටි පහක පමණ අලාභයක් සිදුව තිබේ.

එම කර්මාන්තශාලාවේ භාවිත කරන ලද රසායන ද්‍රව්‍යයක් හේතුවෙන් හෝ විදුලිය කාන්දු වීමකින් මෙම ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ගින්නෙන් කර්මාන්තශාලාවේ ගොඩනැඟිලි, භාණ්ඩ හා කර්මාන්තශාලාවේ නිපදවන ලද නිමි භාණ්ඩ හා වාහන ද විනාශ වී ඇත. වවුනියාව නගර සභාවේ හා පොලිසියේ ගිනි නිවන ඒකක වහාම අදාළ ප්‍රදේශයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළත් ඒ වන විට ගින්නෙන් විශාල හානියක් කර්මාන්තශාලාවට සිදුව තිබුණි. රසායන ද්‍රව්‍යවලට ගිනි ගැනීම හේතුවෙන් කළු පැහැති විශාල දුමාරයක් අහසට නැගී එන්නට පටන් ගෙන ඇති අතර එම දුමාරය ගිනි නිවීමේ කටයුතුවල නිරතව සිටි නිලධාරීන්ට ද විශාල බාධාවක් වී තිබේ. එම දුමාරය නිසා හුස්ම ගැනීමේ අපහසුතාවක් හටගත් අතර මේ වන විට ද මරක්කාරම්පලෙයි ගම්මානය පුරා දැඩි දුගඳක් හමමින් පවතියි.

වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT