Home » වන අලි පහරින් මියගිය කතගේ දේහය රැගෙන ගම්මු විරෝධතාවක

වන අලි පහරින් මියගිය කතගේ දේහය රැගෙන ගම්මු විරෝධතාවක

-වන අලි ගැටලුවට පිළියම් දෙන්නැයි ඉල්ලති

by sachintha
June 26, 2024 2:00 am 0 comment

ආණමඩුව ආඬිගම නාගවිල ගම්මානයේදී වන අලි ප්‍රහාරයකින් මියගිය කාන්තාවකගේ දේහය රැගත් ප්‍රදේශවාසීන් පිරිසක් පෙරේදා (24) පස්වරුවේ විරෝධතාවයක නිරතවිණි. ප්‍රදේශයේ ජනතාව හලාවත ආණමඩුව ප්‍රධාන මාර්ගයේ දේහය තැන්පත් කිරීමට සූදානම්ව සිටියත් පොලිස් නිලධාරීන්ගේ දැඩි රැකවල් හමුවේ ඊට ඉඩක් නොලැබිණි.

රත්නාවතී අමරසිංහ (74 ) නමැති දෙදරු මව පසුගිය 22 දින අලුයම වැසිකිළියට යාමේදී මේ අනතුරට මුහුණ දී තිබිණි. පසුව ඇය හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියයන ලදී. වන අලියා මේ කාන්තාවට කීපවරක් පහරදී පසුව ඇදගෙන ගොස් කැලයට විසිකර දමා තිබිණි.

වසර දෙකක පමණ කාලයක සිට නාගවිල ගම්මානයට වන අලින්ගෙන් පීඩා සිදුවන අතර මේ හේතුවෙන් ජනතාව ගම්බිම් අතහැර යන මට්ටමකට පැමිණ ඇති බව ගම්වාසියෙකු වන සුගත් කහඳවල මහතා පැවසීය. පුත්තලම දිස්ත්‍රික් ලේකම් මීට මාස කිහිපයකට පෙර පොරොන්දු වුණා සති දෙකෙන් මේ ගැටලුවට විසඳුම් දෙනවා කියලා.

විෂය භාර ඇමැතිවරිය කිව්වා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පුත්තලමෙන් ලංකාවේ වන අලි ගැටලුවට විසඳුම් දෙනවා කියලා. නමුත් මොකද වුණේ වෙච්ච දෙයක් නැහැ.

මේ වන අලි ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙස මෙහිදී විරෝධතාකරුවන් ඉල්ලා සිටින ලදී.

ප්‍රසාද් පූර්ණමාල් පුත්තලම දිසා සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT