රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන තඹුත්තේගම නගරයේ රැඳී සිටි පුද්ගලයකු ඊයේ (25) පෙරවරුවේ තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
තඹුත්තේගම නගරයේ සැකසහිත පුද්ගලයකු රැඳී සිටින බවට ලද තොරතුරක් මත, අදාළ පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී මෙම ව්‍යාජ නෝට්ටු පොලිසියට හමු වී ඇත.
සැකකරු නොච්චියාගම අඹගහවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේවලදී තමාගේ මිතුරෙකු විසින් මෙම මුදල් ලබාදුන් බව පවසයි.
සැකකරු තවත් පුද්ගලයකු හෝ කීපදෙනෙකු සමඟ එක්ව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඒවා සාමාන්‍ය මුදල් සමඟ හුවමාරු කිරීමේ ජාවාරමක නිරත වන බවට සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරන බවත් තඹුත්තේගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (25) පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොසොන් සමය හේතුවෙන් මෙලෙස ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර අනුරාධපුරය ඇතුළු ප්‍රධාන නගරවලදී සාමාන්‍ය මුදල් සමඟ හුවමාරු කර ඇතැයි සැක කරන බවත්, මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සාමාන්‍ය මුදල් නෝට්ටුවට සමානව මුද්‍රණය කර ඇති බවත් මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
තිසර සමල් – අනුරාධපුර