Sunday, April 20, 2025
Home » විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

by sachintha
June 26, 2024 2:24 am 0 comment

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පෙරේදා (24) රාත්‍රියේ සිට කඩින් කඩ අධික වැසි පතිත වීමට පටන් ගෙන ඇත.වැසි තත්ත්වයත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය ඊයේ (25) උදෑසන සිට වාන් දැමීමට පටන් ගෙන තිබේ.කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටම ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.වර්ෂාවත් සමඟ ප්‍රදේශය පුරා අඳුරු කාලගුණ තත්ත්වයක් පවතින අතර වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය,හැටන් කොළඹ සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනයේදී සැලකිලිමත්ව සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT