Wednesday, April 23, 2025
Home » A9 මාර්ගයේ මාරක රිය අනතුරක් – තිදෙනෙකුට දිවි අහිමි වෙයි

A9 මාර්ගයේ මාරක රිය අනතුරක් – තිදෙනෙකුට දිවි අහිමි වෙයි

by chanaka
June 26, 2024 10:12 am 0 comment

කිලිනොච්චිය, මාන්කුලම පොලිස් වසමේ මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම බිහිසුනු අනතුර සිදුව ඇත්තේ ඊයේ (25) රාත්‍රියේ බව පොලිසිය සදහන් කරයි.

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ආපදාවට ලක්ව ඇති අවස්ථාවක රියදුරු සහ එහි සිටි මගීන් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස එය අලුත්වැඩියා කරමින් සිට ඇත.

එම අවස්ථාවේ එම දිසාවෙන්ම පැමිණි ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව අදාළ බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

එහිදී බස් රථයේ රියදුරා සහ තවත් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT