Wednesday, July 3, 2024
Home » ජනතාව මත තිබෙන පීඩනය අඩු කරනවා

ජනතාව මත තිබෙන පීඩනය අඩු කරනවා

-සුනිල් හඳුන්නෙත්ති

by sachintha
June 24, 2024 1:34 am 0 comment

ජනතාවට බලපාන පීඩාකාරී කොන්දේසි පිළිබඳ ජාතික ජන බලවේගය අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ජනතාව මත තිබෙන පීඩනය අවම කිරීමට ක්‍රියා කරන බව එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා (22) ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව අමතමිනි. බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මෙය පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා,

අපේ පාලකයන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇති කර ගන්නා ගිවිසුම් සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේ එන ජනාධිපතිවරණයේදී පවතින පාලනය පරාජය කර ලබා ගන්නා ජනවරම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදා ගන්නවා. අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තයේ ගැටලුසහගත තත්ත්වයක් ඇති වෙලා. දේශපාලන හිතවත්කම් තිබෙන අයගෙන් අය කරගත යුතු බදු අය කර නොගෙන විවිධ ක්‍රියාමාර්ග ඇතැමුන් අනුගමනය කරනවා.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x