Sunday, April 20, 2025
Home » ඇල්පිටියේ සමාජ සේවිකා හේමමාලි කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

ඇල්පිටියේ සමාජ සේවිකා හේමමාලි කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

by sachintha
June 24, 2024 12:21 am 0 comment

ඇල්පිටිය ප්‍රදේශයේ සිටි සමාජ සේවිකාවක මෙන්ම ඇල්පිටිය කලාපයේ හිටපු විද්‍යා ගුරු උපදේශිකාවකද වූ හේමමාලි කරුණාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු ශාරීරික අධ්‍යාපන ගුරුවරයා වූ අභාවප්‍රාප්ත යූ. සේනාරත්න මහතාගේ ආදරණීය බිරිය වූ ඇය ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන උපගුරු යූ.සමිත සේනාරත්න මහතාගේ ආදරණීය මව වේ. මිය යන විට 76 වැනි වියේ පසු වූ ඒ මහත්මියගේ දේහය මහජන ගෞරවය පිණිස ඇල්පිටිය පශුවෛද්‍ය මාවතේ පිහිටි නිවෙසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (24) සවස 4.00ට ඇල්පිටිය ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

ඇල්පිටිය සමූහ චන්ද්‍රසිරි ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT