Home » විභාගය අවසන් වී මාස එකහමාරකින් ප්‍රතිඵල
සා.පෙළ ප්‍රතිඵල තව දින 10කින්

විභාගය අවසන් වී මාස එකහමාරකින් ප්‍රතිඵල

by sachintha
June 24, 2024 3:16 am 0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 10 තුළ දී නිකුත් කිරීමට සැලසුම් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණ’ට ඊයේ (23) පැවැසීය. මේ සතිය තුළ දී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත් මේ සතිය තුළදී නොහැකි වුවහොත් මේ සතිය අවසන් වී තව දින දෙක තුනක් ගත වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී මාස එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ දී ප්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යාපන ක්‍රමවේදයේ එක් ජයග්‍රාහී සන්ධිස්ථානයක් ලෙස දැකිය හැකිය. සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වැනිදා ආරම්භ කර මැයි 15 වැනිදා අවසන් කෙරිණි.

මෙම විභාගය මධ්‍යස්ථාන 3527ක දී පැවැත්වූ අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් සහ ප්‍රාදේශීය එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් ක්‍රියාත්මක කෙරිණි. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 452, 979ක් පෙනී සිටින අතර පාසල් අයදුම්කරුවන් 387, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65, 331ක් විභාගයට අයදුම් කර තිබිණි.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x