Home » මෙරට දුම්රිය ඉතිහාසයේ පළමුවරට විවෘත දුම්රිය මැදිරියක බැති ගී සරණියක්

මෙරට දුම්රිය ඉතිහාසයේ පළමුවරට විවෘත දුම්රිය මැදිරියක බැති ගී සරණියක්

by sachintha
June 24, 2024 1:00 am 0 comment

වසර සියයකට වඩා පැරණි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ ප්‍රථම වරට විශේෂයෙන් සකස් කරන ලද ප්‍රදර්ශන මැදිරියක සජීව බැති ගී සරණියක් ඉදිරිපත් කරනු ලැබීය. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දෙවන වරටත් සංවිධානය කෙරුණු හෝමාගම ‘2024 ධර්ම රශ්මි’ පොසොන් කලාපයට සමගාමීව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංගීත අංශය මඟින් ධාවනය කෙරෙන විශේෂ දුම්රිය මැදිරියක් තුළ ඉදිරිපත් කරනු ලැබූ මෙම සජීවී බැති ගී සරණිය හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT