Home » උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටෙයි

උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටෙයි

by yasara
June 23, 2024 11:46 am 0 comment

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ අධික වැසි සමග අධික සුළං තත්ත්වයක් පැවතිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට අද  (23) අලුයම ගසක් කඩා වැටී තිබුණි.

 

අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රෝස් දුම්රිය  ස්ථානය අසල දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින්ම ගස් කඩා වැටිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද අලුයම සිට බාධා පැමිණ ඇත.

 

දුම්රිය මාර්ගය කඩා වැටි ඇති ගස කපා ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර , දුම්රිය මාර්ගයට කඩා වැටුණු ගස් කපා ඉවත් කරන තෙක් නානුඔය සිට කොළඹ දක්වා ධාවනය කල ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර ඇති අයුරු දක්නට ලැබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT