Home » පිළිකාවෙන් අසරණ වූ පවුල් ගොඩදාන්න ස්වයංරැකියා උපකරණ දන්සලක්

පිළිකාවෙන් අසරණ වූ පවුල් ගොඩදාන්න ස්වයංරැකියා උපකරණ දන්සලක්

by gayan
June 22, 2024 1:00 am 0 comment

පිළිකා රෝගයෙන් පීඩාවට පත් පවුල්වල ජනතාවගේ ජන ජීවිතය ගොඩනැඟීම සඳහා රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් ස්වයංරැකියා උපකරණ සහ මූල්‍ය ආධාර පරිත්‍යාග කිරීමේ පොසොන් දන්සලක් මහරගම අපේක්ෂා රෝහල අසල ඉන්දිරා සුව අරණ මධ්‍යස්ථානයේ දී (20) දා පැවැත්වුණි. නවසීලන්ත මහ කොමසාරිස් එච්.ඊ. ඩේවිඩ් ෆයින් මහතා ඇතුළු මහකොමසාරිස් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන සංවිධාන කර තිබූ අතර ඉන්දිරා පිළිකා භාරය හා සුවඅරණ මධ්‍යස්ථානය මඟින් පොසොන් පොහොය නිමිත්තෙන් මෙය සංවිධාන කර තිබුණි.

එහිදී ජුකී මැෂින්, තරාදි, ශීතකරණ, බ්‍රෙන්ඩර්, පොප් කෝන් මැෂින්, ජංගම වෙ‍ෙළඳ කුටි හා පිළිකා රෝගයෙන් ජීවිතය බේරගත් රෝගීන්ගේ ජීවිත අපේක්ෂාව අලුත් කිරීමේ අරමුණින් රෝගීන් 29 දෙනෙකු ඇතුළු පනස් දෙනකුට මූල්‍ය ආධාර ලබාදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් එච්.ඊ.ඩේවිඩ් ෆයින් මහතා, හිටපු කථානායක හා ඉන්දිරා පිළිකා භාරයේ ප්‍රධාන අනුශාසක කරු ජයසූරිය , ඉන්දිරා පිළිකා භාරයේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x