Home » ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්

by gayan
June 22, 2024 1:00 am 0 comment

ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදාහරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් තරු පන්තියේ හෝටලයක සංචාරයක් පසුගියදා නැවත වරක් සංවිධාන කරන ලදි. එහි දී ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තරු පන්තියේ හෝටලයක් වන RIU – Ahungalle හෝටලයේ දෙදිනක් නිදහසෙන් සහ

විනෝදයෙන් ගතකිරීමට අවස්ථාව ලැබිණි. මීට පෙරද RIU – Ahungalle හෝටලයේ දී මෙම ඇගැයීම සිදු කර ඇති ලෝටස් ටයර් සමාගම අඛණ්ඩව සිදු කරන මෙම දිරිගැන්වීම් පිළිබඳ ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ගෙන් ඉහළ ප්‍රසාදයක් හිමි විය. පසුගිය වසරේ දී අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන් වෙනුවෙන් සංවිධාන කළ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මෙම අගනා අවස්ථාව හිමි විය. මෙම අවස්ථාවට සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ කළමනාකාරිත්වය මෙන්ම ලෝටස් ටයර් විකුණුම් සහ අලෙවිකරණ කණ්ඩායම සහභාගි වූහ. “ලෝටස් ටයර් පවුලේ සාමාජිකයන්ගේ එකතු වීමක් වශයෙන් තමයි අපි මෙම අවස්ථාව දකින්නේ. එනිසා මෙම වැඩසටහන අප පවත්වන්නේ ඉලක්ක සම්පූර්ණ කිරීමට එහා යමින් අන්‍යෝන්‍ය සබඳතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන්” ලෝටස් ටයර් ආයතනයේ වෙළෙඳ කළමනාකරු පැවැසීය.

“නියම මිලට… නියම දුරක්…” යන තේමාව ඔස්සේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට සමීප වන ලෝටස් ටයර් දශක ගණනාවක සිට කතා බහට ලක් වූ ටයර් සන්නාමයක් වේ. ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු කරමින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කරන ගුණාත්මකභාවයෙන් ඉහළ ලෝටස් ටයර් නිෂ්පාදන පෙළ බයිසිකල් ටයර් සහ ටියුබ්, මෝටර් සයිකල් ටයර් සහ ටියුබ්, ත්‍රීවීලර් ටයර් සහ ටියුබ් ආදී නිෂ්පාදන පෙළකින් සමන්විතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x