Sunday, June 30, 2024
Home » ලොව ප්‍රථමවරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක් එයි

ලොව ප්‍රථමවරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක් එයි

by yasara
June 22, 2024 4:15 pm 0 comment

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ නාමය AI ස්ටීව් ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිතව තිබෙයි.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වන 59 හැවිරිදි අපේක්ෂක ස්ටීව් එන්ඩකොට් සිය මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ AI ස්ටීව් නම් කෘත්‍රීම බුද්ධි චරිතය පාදක කරගෙනය.

එමෙන්ම එන්ඩකෝට්ගේ ඡන්ද පත්‍රිකාවේ සටහන් වීමට නියමිතව ඇත්තේ AI ස්ටීව් ලෙස නිර්මාණය කළ මුහුණ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ස්ටීව් එන්ඩකොට් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින අතර ඊට තවත් AI අපේක්ෂකයින් බඳවාගැනීම ඔහුගේ අපේක්ෂාව බව සඳහන් වේ.

යම් හෙයකින් ස්ටීව් මෙවර මැතිවරණය ජයගතහොත් ඔහු ලොව පළමු AI නීති සම්පාදකයා බවට පත්වීමේ අවස්ථාවක් පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x