Saturday, April 19, 2025
Home » විලි­ය­ම්සන් නාය­ක­ත්වය අත්හරී

විලි­ය­ම්සන් නාය­ක­ත්වය අත්හරී

by Gayan Abeykoon
June 20, 2024 1:56 am 0 comment

විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී අත්වූ දරුණු පරා­ජය හේතු­වෙන් සීමිත ඕවර නාය­ක­ත්ව­යෙන් ඉවත් වීමට නව­සී­ලන්ත කණ්ඩා­යමේ නායක කේන් විලි­ය­ම්සන් තීර­ණය කර තිබේ.

මෙවර ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ඇෆ්ග­නි­ස්තා­නය සහ කොදෙව් පිල හමුවේ පරා­ජය වීමෙන් සුපිරි 8 වට­යට එක්වීමේ අව­ස්ථාව නව­සී­ල­න්ත­යට අහිමි වී ගියේය.

සිය ජාත්‍ය­න්තර ක්‍රිකට් දිවිය දීර්ඝ කර ගැනීමේ අර­මු­ණෙන් නාය­ක­ත්ව­යෙන් ඉවත්වූ ඔහු ඊට අම­ත­රව 2024-25 තරග වාරය වෙනු­වෙන් එරට ක්‍රිකට් ආය­ත­නය ලබා­දෙන මධ්‍යම කොන්ත්‍රාත් ගිවි­සුම ප්‍රති­ක්ෂේප කිරී­මට ද කට­යුතු කර ඇත. කෙසේ වෙතත් ඒ විදෙස් විස්සයි20 ලීග් තර­ගා­වලි සඳහා එක්වීමේ අර­මු­ණෙනි.

කණ්ඩා­යම ඉදි­රි­යට ගෙන යෑමට උප­කාර කිරීම තමා ආසා කරන දෙයක් බවත්, එය තමාට දිග­ටම දායක වීමට අවශ්‍ය දෙයක් බවත් පව­සන විලි­ය­ම්සන් නව­සී­ලන්ත ගිම්හාන ඍතු­වේදී විදෙස් තර­ගා­වලි වෙනු­වෙන් අව­ස්ථා­වක් තබා ගැනීම නිසා මධ්‍යම කොන්ත්‍රා­ත්තුව පිළි­ගැ­නී­මට නොහැකි බව ද කියා සිටී.

පසු­ගිය තරග වාර­යට පෙර ඔහු ටෙස්ට් නාය­ක­ත්ව­යෙන් ඉවත් වූ අතර, ඒ වෙනු­වට ටිම් සවුති නාය­ක­ත්ව­යට පත් කෙරිණි.

මේ වසර මුලදී 100 වැනි ටෙස්ට් තර­ගය ක්‍රීඩා කළ විලි­ය­ම්සන් එක්දින තරග 165ක් සහ විස්සයි20 තරග 93ක් ක්‍රීඩා කර තිබේ. 2019 එක්දින ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ අනු­ශූ­ර­තාව, 2021 විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ අනු­ශූ­ර­තාව සහ 2021 අයි­සීසී ලෝක ටෙස්ට් ශූර­තාව නව­සී­ල­න්ත­යට හිමි­වූයේ විලි­ය­ම්සන්ගේ නාය­ක­ත්වය යට­තේයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT