Home » කොළො­න්නාව බාලි­කාවේ හිටපු විදු­හ­ල්ප­තිනි රාණි විජේ­සිංහ අභා­ව­ප්‍රාප්ත වේ

කොළො­න්නාව බාලි­කාවේ හිටපු විදු­හ­ල්ප­තිනි රාණි විජේ­සිංහ අභා­ව­ප්‍රාප්ත වේ

by Gayan Abeykoon
June 20, 2024 1:01 am 0 comment

මුල්ලේ­රි­යාව - සිරි­සේන ගමගේ, කොළො­න්නාව- ඒ. සුම­න­සේන

කොළො­න්නාව බාලිකා විද්‍යා­ලය ආර­ම්භයේ පටන් දශක හත­ර­කට ආසන්න කාල­යක් ගුරු­ව­රි­යක, නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­නි­යක සහ විදු­හ­ල්ප­ති­නිය ලෙස ද සේවය කොට විශ්‍රාම ලබා සිටි රාණි විජේ­සිංහ මහ­ත්මිය අභා­ව­ප්‍රාප්ත වූවාය .

ක්‍රීඩා ගුරු­ව­රි­යක ලෙස වසර ගණ­නා­වක්ම සිසු­වි­යන් හට කොට්ඨාස, පළාත් කලාප හා සමස්ත ලංකා ජය­ග්‍ර­හණ රැසක්ම ලබා ගැනී­මට සුවි­ශේෂී දාය­ක­ත්ව­යක් ලබා දුන් ඇය විදු­හලේ ක්‍රීඩා කේෂ්ත්‍රය නංවා­ලීම සඳහා මහගු සේවා­වක් සිදු කර තිබේ.

ඒ මහ­ත්මි­යගේ දේහය අද( 20) දින කොස්වත්ත මහින්ද මල් ශාලාවේ තැන්පත් කොට ඇති අතර 21 සහ 22 යන දින දෙක තුළ කොළො­න්නාව පොදු සුසාන භුමියේ අව­මං­ගල ශාලාවේ තැන්පත් කර තබනු ඇත.

අව­සන් කට­යුතු අනිද්දා(22) සවස 6.00ට කොළො­න්නාව පොදු සුසාන භුමි­යේදි සිදු කිරී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT