ගම්පහ දුම්රිය ස්ථානයේ පොදු වැසිකිළිය අසලදී ගංජා සන්තකයේ තබා ගත් චීවරධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් චීවරධාරීන් දෙදෙනාගෙන් පොලිසිය වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් කොළඹ ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන බවටත් ගණේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි හිමිවරුන් දෙදෙනෙකු බවත් අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීවරධාරීන් දෙදෙනා අවුරුදු 20 හා 25 යන වයස්වල පසුවන බව පොලිසිය සඳහන් කරයි.
මෙම චීවරධාරීන් එක් අයෙක් ළඟ ගංජා මිලිග්‍රෑම් 120ක් ද අනෙක් චීවරධාරියා ළඟ ගංජා මිලිග්‍රෑම් 100ක් ද ගමන් මලුවල තිබී සිවුරු ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මොවුන්ව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගම්පහ පොලිසියට භාර දී ඇත.