ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ඉදිකළ නව පෙත්මග මග විවෘත කිරීම අද (20) පෙරවරුවේ යෙදුණ සුබ මොහොතින් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කළහ .
ජය ශ්‍රී මහා බෝධි ප්‍රධාන රථ ගාලේ සිට බටහිර දොරටුව දක්වා ඉදිකළ නව පෙත් මග මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණ.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මීටර් දෙසිය පනහක පමණ දුරක් ඉදිකර ඇති මෙම පෙත්මග සඳහා වැය කර ඇති මුදල මිලියන අටක්(08)පමණ වෙයි
මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන ,මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් භාර අධ්‍යක්ෂ ආර්.එම්.බි රත්නායක ,ප්‍රධාන ඉංජිනේරු සුධර්මන් පෙරේරා ,විධායක ඉංජිනේරු චමින්ද සිල්වා යන මහත්තුරු ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව සිටියහ .