උතුම් මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකාගමනය සිදුවූ පොසොන් පොහෝ දින යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය මුත්තුසාමි මලරවන් මහතාගේ මූලිකත්වයෙන් කාර්ය මණ්ඩලය සංවිධාන කරනු ලබන ඇසේ සුද ඉවත් කර නොමිලේ කාච දැමීමේ ශල්‍යකර්ම වැඩසටහනක් පැවැත්වේ.
පසුගිය කාලයේ, ආර්ථික තත්ත්වය ඉතා අපහසු, කාචයක් මිලට ගෙන තමන්ගේ ඇස් පෙනුම සඳහා වැය කළ නොහැකි උතුරේ බොහෝ ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ සැත්කමට අවශ්‍ය ද්‍රව්‍ය හා කාච, ආධාර මඟින් ලබාගෙන ශල්‍යකර්ම සිදු කළ අතර මෙදින ද වවුනියාවේ සහ අනෙකුත් පළාත්හි එනම් අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ, කුරුණෑගල යන ප්‍රදේශයන් නියෝජනය කරමින් රෝගීන් 125 දෙනකු දැනටමත් පරීක්ෂාවට ලක් කර අවසන් අතර ඔවුන් සඳහා උදෑසන ශල්‍යකර්ම සිදු කිරීමට සැලසුම් කර ඇත. එම උතුම් පුණ්‍යකර්මය අවසානයේ සිංහල දමිළ රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වෙන ආශීර්වාදාත්මක ධර්ම දේශනය සහ දන්සල ද මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතී.