Monday, April 21, 2025
Home » එළ­වළු-පල­තුරු පසු අස්වනු හානිය 25%කින් අඩු වෙලා

එළ­වළු-පල­තුරු පසු අස්වනු හානිය 25%කින් අඩු වෙලා

පසු අස්වනු තාක්ෂ­ණික ආය­ත­නය

by Gayan Abeykoon
June 20, 2024 2:40 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

මෙරට වගා කරන එළ­වළු සහ පල­තුරු පසු අස්වනු හානිය සිය­යට 25ක් දක්වා අඩුවී ඇතැයි පසු අස්වනු තාක්ෂ­ණික ආය­ත­නය සඳ­හන් කරයි.

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය විසින් පසු­ගිය කාලයේ ගන්නා ලද විවිධ තීරණ හේතු­වෙන් මේ වන විට පල­තුරු සහ එළ­ව­ළු­වල පසු අස්වනු හානිය අවම කර­ගැ­නී­මට හැකි වූ බව ද එම ආය­ත­නය පෙන්වා දෙයි.මේ සඳහා අස්වනු නෙලීමේ නව තාක්ෂ­ණික ක්‍රම භාවි­තය, ප්‍රවා­හ­න­යේදී ප්ලාස්ටික් කූඩ යොදා­ගැ­නීම සහ ඇසු­රුම් කිරී­මේදී හානි අවම වන අන්ද­මින් කට­යුතු යෙදීම මේ හානි අවම කර­ගැ­නී­මට වැඩි වශ­යෙන්ම ඉව­හල්වී ඇත.මෙරට වගා කරන පල­තුරු සහ එළ­ව­ළු­වල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නිර්දේ­ශිත ක්‍රම භාවිත නොකි­රී­මෙන් එළ­වළු සහ පල­තුරු පසු අස්වනු හානිය සිය­යට 40ක් තරම් ඉහළ මට්ට­මක පසු­ගිය කාලයේ පැවැ­තිණි.

ඒ අනුව බෝංචි පසු අස්වනු හානිය සිය­යට 40 සිට 23 දක්වාත්, බණ්ඩක්කා සිය­යට 40 සිට සිය­යට 28 දක්වාත්, වම්බටු සිය­යට 30 සිට 20 දක්වාත්, ගෝවා සිය­යට 43 සිට 20 දක්වාත්, කැරට් සිය­යට 30 සිට 2 දක්වාත්, මාළු මිරිස් සිය­යට 40 සිට 25 දක්වාත්, මෑක­රල් සිය­යට 40 සිට 20 දක්වාත්, අමු මිරිස් සිය­යට 40 සිට 19 දක්වාත්, කර­විල සිය­යට 25 සිට 24 දක්වාත්, තක්කාලි සිය­යට 29 සිට 15 දක්වාත් පසු අස්වනු හානිය පහළ ගොස් තිබේ. පල­තුරු අත­රින් වැඩිම පසු අස්වනු නාස්තිය සිදුව ඇත්තේ ගස්ලබු සහ පේර­ව­ලය. ඒ අනුව ගස්ලබු පසු අස්වනු හානිය සිය­යට 46 සිට සිය­යට 19 දක්වාත්, පේර සිය­යට 40 සිට 20 දක්වාත් අව­මවී ඇත. සම­ස්ත­යක් ලෙස ගත් කළ මේ එළ­වළු සහ පල­තු­රු­වල පසු අස්වනු හානිය සිය­යට 40 සිට සිය­යට 25 දක්වා අවම කර­ගැ­නී­මට හැකි වී තිබේ.

ඊයේ (19) කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා පසු අස්වනු හානිය සම්බන්ධ තොර­තුරු අදාළ නිල­ධා­රී­න්ගෙන් විම­සීම කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවැත්වූ සාක­ච්ඡා­ව­කදී මේ කරුණු අනා­ව­ර­ණය විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT