Home » බුද්ධා­ග­මට අප­හාස වන වීඩියෝ නඩු­වෙන් බෲනෝ සහ නතාෂා නිද­හස් කරන්න නියෝග

බුද්ධා­ග­මට අප­හාස වන වීඩියෝ නඩු­වෙන් බෲනෝ සහ නතාෂා නිද­හස් කරන්න නියෝග

by Gayan Abeykoon
June 20, 2024 2:09 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

මෝඩා­භි­මා­නය   නමැති ප්‍රහ­සන වැඩ­ස­ට­හ­න­කදී බෞද්ධා­ග­මට අප­හාස වන අයු­රින් අද­හස් දැක්වූ දැනට ඇප මත මුදා හැර සිටින නතාෂා එදි­රි­සූ­රිය සහ ඇය ඉදි­රි­පත් කළ වීඩි­යෝව අන්ත­ර්ජා­ල­යට මුදා­හැරි බව කියන SL-Vlog හි හිමි­කරු වන බෲනෝ දිවා­කර ඊට අදාළ නඩු­වෙන් නිද­හස් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහතා ඊයේ 19 නියෝග කළේය.

ඔවුන් දෙදෙ­නාට එරෙ­හිව චෝදනා ගොනු කළ නොහැකි බවට නීති­පති උප­දෙස් දී ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට කළ දැනුම් දීම­කට අනුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය කළේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සැක­ක­රු­වන්ට එරෙ­හිව නඩුව කැඳවූ අව­ස්ථා­වේදී මේ බව කියා සිටි­යේය. ඇප මත මුදා­හැර සිටින නතාෂා එදි­රි­සූ­රිය සහ බෲනෝ දිවා­කර යන දෙදෙනා නඩුව කැඳවූ අව­ස්ථා­වේදී විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.

බුදු දහ­මට අප­හාස වන ආකා­රයේ ප්‍රකා­ශ­යක් සිදු කිරීමේ චෝද­නා­වට නතාෂා එදි­රි­සූ­රිය සහ බෲනෝ දිවා­කර යන දෙදෙ­නාට විදේශ ගමන් තහ­නම් පනවා ඇති අතර, එම නියෝ­ගය ආපසු කැඳ­වන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT