මෝඩාභිමානය නමැති ප්රහසන වැඩසටහනකදී බෞද්ධාගමට අපහාස වන අයුරින් අදහස් දැක්වූ දැනට ඇප මත මුදා හැර සිටින නතාෂා එදිරිසූරිය සහ ඇය ඉදිරිපත් කළ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරි බව කියන SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ඊට අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා ඊයේ 19 නියෝග කළේය.
ඔවුන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කළ නොහැකි බවට නීතිපති උපදෙස් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්රාත්වරයාට කළ දැනුම් දීමකට අනුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය. ඇප මත මුදාහැර සිටින නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර යන දෙදෙනා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
බුදු දහමට අපහාස වන ආකාරයේ ප්රකාශයක් සිදු කිරීමේ චෝදනාවට නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර යන දෙදෙනාට විදේශ ගමන් තහනම් පනවා ඇති අතර, එම නියෝගය ආපසු කැඳවන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය.