ධාතුසේන රජු විසින් ඉදි කරන ලද බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සූත්‍ර උපයෝගි කරගෙන ගල විද කඩා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය ඊයේ (19) ඉපලෝගම පොලිසියට පැමිණිලි කොට තිබේ.
කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේම අධි ආරක්ෂිත කලාපයේ මේ නිදන් සොරකම සිදුව තිබේ.
බෝවතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ 19 දින උදෑසන මේ ගැන තමාට තොරතුරු දැනගැනීමට ලැබුණු බවයි. මේ නිසා වැවේ වානටද දැඩි බලපෑම් එල්ල වන නිසා වහාම ඒ ගැන පොලිසියට පැමිණිලි කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දුන්නේයැයිද ඒ මහතා පැවසීය.
අක්කර අඩි ලක්ෂයකට අධික ජලධාරිතාවක් ගබඩාකොට ඇති වානට පහළින් පිහිටි කළු ගල මෙලෙස යන්ත්‍ර සූත්‍ර යොදාගෙන හාරා, එහි තැන්පත් කොට තිබුණු නිදන් වස්තු රැගෙන ගොස් ඇතැයි ස්ථාන පරීක්ෂා කරන ලද මහවැලි නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

කලා වැවේ මහ වානේ ගලක්
විද තිබූ අයුරු