Sunday, April 20, 2025
Home » හජ් වන්ද­නා­වට මක්කමේ ගිය 577ක් අධික උෂ්ණ­ත්ව­යෙන් මිය යති

හජ් වන්ද­නා­වට මක්කමේ ගිය 577ක් අධික උෂ්ණ­ත්ව­යෙන් මිය යති

by Gayan Abeykoon
June 20, 2024 2:31 am 0 comment

සෞදි  අරා­බියේ මේ දින­වල පැවැ­ත්වෙන අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් හජ් වන්ද­නා­වට මැකා  නුව­රට ගිය ඉස්ලාම් බැති­ම­තුන් 577 දෙන­කුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා කළේය. අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් රෝගී වූ තවත් බැති­ම­තුන්  දෙද­හ­ස­කට අධික පිරි­ස­කට ප්‍රති­කාර ලබා දීමට සෞදි බල­ධා­රීන් පිය­වර ගෙන ඇතැයි ද  වාර්තා වේ.

එරට ජාතික කාල­ගුණ විද්‍යා මධ්‍ය­ස්ථා­න­යට අනුව මේ දින­වල මැකා  නුවර උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 ඉක්මවා ඇති අතර, දැඩි උණු­සු­මක් පව­තින දිවා  කාල­යේදී හිරු රැස්ව­ලට ආව­ර­ණය වීමට කුඩ­යක් භාවිත කරන ලෙසත්, වැඩි­පුර ජලය  පානය කරන ලෙසත් සෞදි බල­ධා­රින් බැති­ම­තුන්ට උප­දෙස් දී ඇතැයි ද වාර්තා වේ.  මෙවර හජ් වන්ද­නාව සඳහා ලක්ෂ 18ක ඉස්ලාම් බැති­ම­තුන් මැකා නුව­රට පැමිණි බවත්,   ඒ අතර විදේ­ශීය බැති­ම­තුන් ලක්ෂ 16ක් සිටින බවත් සෞදි බල­ධා­රීන් ප්‍රකාශ කර  ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT