Tuesday, July 2, 2024
Home » සුව සේවයට දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85ක් බඳවා ගනී

සුව සේවයට දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85ක් බඳවා ගනී

by sachintha
June 19, 2024 2:40 am 0 comment

මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනකු බඳවා ගෙන තිබේ.

මෙසේ බඳවාගත් වෛද්‍ය උපාධිධාරීන් මෙරට හා විදේශීය විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි අධ්‍යාපනය හැදෑරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ පිරිසට සීමාවාසික දන්ත පුහුණු පත්වීම් ලිපි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී ඊයේ (18) පෙරවරුවේ ප්‍රදානය කළේය.

රටපුරා රජයේ ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්, පළපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසරක කාලයක පුහුණුවක් ලැබීමට නියමිතය.

සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිලධාරීන් දන්ත වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුය. මේ පුහුණුලාභීන් සඳහා මාසිකව රුපියල් 66,725ක සීමාවාසික පුහුණු දීමනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙනු ඇත. මේ වන විට රට පුරා රජයේ රෝහල්වල දන්ත විශේෂඥ වෛද්‍යවරු 86ක්ද, දන්ත ශල්‍ය වෛද්‍යවරු 1337ක්ද සුව සේවාව සඳහා දායකත්වය දක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව විධිමත්ව, කාර්යක්ෂමව, ගුණාත්මකව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරතුරුව කටයුතු කරන බවයි.

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශිෂ්ට සේවාවක් බවත් අඩු පිරිවැයකින්

ගුණාත්මක සේවාවක් සපයන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිරතුරුවම ශ්‍රී ලංකාව හඳුන්වා දෙන බවත් මේ පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයේදී ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත

මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය තිලක් සිරිවර්ධන මහත්වරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා විෂයට අදාළ අංශයේ නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අමායා රන්දුනු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x