Home » ශිෂ්‍යත්වය ජය ගත්තා වගේ සෙසු විභාගත් ජයගෙන ජීවිතය දිනන්න අදිටන් කර ගන්න
ශිෂ්‍යත්වය සමත්ලේක්හවුස් සේවක දූ දරුවන් ඇගයේ:

ශිෂ්‍යත්වය ජය ගත්තා වගේ සෙසු විභාගත් ජයගෙන ජීවිතය දිනන්න අදිටන් කර ගන්න

-ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්

by sachintha
June 19, 2024 2:39 am 0 comment

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ප්‍රතිපාදක අරමුදල විසින් 2021 හා 2022 වර්ෂවල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සේවක දරු දැරියන් ඇගයීමේ උත්සවයක් ආයතන පරිශ්‍රයේදී පෙරේදා (17) පැවැත්විණි.

ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සේවක දරු දැරියන් 35 දෙනකු වෙත එහිදී මුදල් ත්‍යාග, පාසල් උපකරණ ඇතුළු ත්‍යාග රැසක් ප්‍රදානය කෙරිණි.

ලේක්හවුස් ප්‍රතිපාදක අරමුදල මඟින් මේ වැඩසටහන වසරක් පසා පවත්වනු ලබන අතර මෙවර මෙය සංවිධාන කර තිබුණේ 21 වැනි වරටය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, ශ්‍රම වාසනා අරමුදල, එපික් ලංකා, සෙලින්කෝ සසෙක්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, උස්වත්ත කන්ෆැක්ෂණරීස් වැනි ආයතන රැසක් මේ සඳහා අනුග්‍රහය ලබා දී තිබිණි.

ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා මෙහිදී පැවසුවේ අධ්‍යාපනය මෙන්ම සෞන්දර්යයෙන් සහ ගුණ යහපත්කමින්ද දරුවකු සම්පූර්ණ විය යුතු බවයි. ජීවිතයේ පළමු කඩඉම වන ශිෂ්‍යත්වය ජය ගත් දරුවන් අනෙකුත් විභාග ද ජය ගෙන දිවිය සාර්ථක කර ගැනීමට අදිටන් කර ගත යුතු මෙන්ම සමාජයට යහපත් පුරවැසියකු විය යුතු බවත් සභාපතිවරයා කීවේය. තම මව පියා සේවය කළ ලේක්හවුස් ආයතනයට තමන් ගෙන්වා ධෛර්යමත් කරන්න කටයුතු කළ අයුරු ලොව කොතැන සිටියද අමතක නොකළ යුතු බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x