Home » කටුකුරුන්ද වෙරළින් හමුවූ හඳුනා නොගත් උපකරණය ගැන කරුණු හෙළිවෙයි

කටුකුරුන්ද වෙරළින් හමුවූ හඳුනා නොගත් උපකරණය ගැන කරුණු හෙළිවෙයි

by yasara
June 19, 2024 10:36 am 0 comment

කළුතර කටුකුරුන්ද පිහිටී හෝටලයක් ආසන්න මුහුදු වෙරලේ තිබී හදුනා නොගත් උපකරණයක් ඊයේ සවස 6 .30 පමණ හමුව වී තිබිණි.

මෙම උපකරණය  දුටු පුද්ගලයා කළුතර දකුණ පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු ,කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් ඒ පිලිබදව වැඩිදුර පරික්ෂණ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරට දන්වා තිබෙයි.

අනතුරුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී මෙම උපකරණය” FRF-500S streamer recovery devis “යන නමින් හදුන්වන  මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හෝ පීඩන හදුනා ගැනීමේ උපකරණයක් බවට පරික්ෂණ වලින් හදුනාගෙන ඇත.

පසුව එය කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබෙයි.

කළුතර කටුකුරුන්ද මුහුදු වෙරළට ආසන්නයෙන් ගමන් ගන්නා නැවකින්  මෙය  වැටෙන්නට ඇතැයි ඔවුන් සැක පළ කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x