Home » ලක් මව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

ලක් මව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

by yasara
June 17, 2024 10:08 am 0 comment

03 වන ආසියානු විසි කිරීමේ ශූරතා තරගාවලියට ( 2024 Asian Throwing Championships ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද  (17)   අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

දකුණු කොරියාවේ මොක්පෝ ( Mokpo ) නුවර ඉකුත් 14 දින සිට 15 දින දක්වා ආසියානු රටවල් 20 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්විය.

මෙම තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්ව සදහා සහභාගී වූ 21 හැවිරිදි , ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන  රුමේෂ් තරංග මීටර් 85.45 ක විසි කරමින් ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම මෙම තරගාවලියේ වාර්තාවක් තබන්නට ද සමත් විය.

මෙම විසි කිරීමේ දුර ඔලිම්පික් පරිසාදන මට්ටමට සෙන්ටි මීටර් 05 ක් අඩු වෙන් තිබූ අතර , මෙම විසි කිරීමත් සමග රුමේෂ් තරංග ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 09 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී තිබේ .

මීට අමතරව මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ දිල්හානි ලේකම්ගේ සහ සුමේධ රණසිංහ ද හෙල්ල විසි කිරීමේ ඉසව් සදහා ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT