Home » චිලී ජනරජය RCEP ගිවිසුමට එක්වීමට සැරසෙයි

චිලී ජනරජය RCEP ගිවිසුමට එක්වීමට සැරසෙයි

by chanaka
June 17, 2024 10:24 am 0 comment

චිලී ජනරජය කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට (RCEP) ඇතුළත් වීම සඳහා අයදුම් කරයි.

එරට ජාත්‍යන්තර ආර්ථික සබඳතා නියෝජ්‍ය ඇමතිනි Claudia Sanhueza මහත්මිය පසුගිය 14 වැනිදා ඊට අදාළ අයදුම්පත ඉදිරිපත් කර තිබේ.

ඉන්දුනීසියාවේ සංචාරයක නිරත Claudia Sanhueza අමාත්‍යවරිය ජකර්තා නුවර දී ආසියාන් සංගමයේ ආර්ථික ප්‍රජා කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් Satvinder Singh මහතා හමු වී, RCEP ගිවිසුමට ඇතුළත් වීම සඳහා විධිමත් අයදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි චිලී හි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT