Home » මත්පෙති අත දැරූ සැක­ක­රු­වන් දෙදෙ­නකු මුදාගැනීම සඳහා 50,000 අල්ලස් දීමට තැත් කළ හමුදා සෙබ­ළකු බව කියන පුද්ග­ල­යෙක් අත්අ­ඩං­ගු­වට

මත්පෙති අත දැරූ සැක­ක­රු­වන් දෙදෙ­නකු මුදාගැනීම සඳහා 50,000 අල්ලස් දීමට තැත් කළ හමුදා සෙබ­ළකු බව කියන පුද්ග­ල­යෙක් අත්අ­ඩං­ගු­වට

by damith
June 15, 2024 1:20 am 0 comment

මත්පෙති සන්ත­කයේ තබා ගැනීමේ වර­දට අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙ­නෙකු මුදා ගැනීම සඳහා රුපි­යල් 50,000 (පන­ස්ද­හ­සක) අල්ලස් මුද­ලක් පොලි­සිය තුළ­දීම පොලිස් නිල­ධා­රින් වෙත ලබා දීමට තැත් කළ යුද හමුදා සෙබ­ළෙකු බව කියන පුද්ග­ල­යෙකු පෙරේදා (13) රාත්‍රි අත්අ­ඩං­ගු­වට ගත් බව නාගො­ල්ලා­ගම පොලි­සිය පව­සයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ හිරි­යාල අඹ­ග­ස්වැව ප්‍රදේ­ශයේ පදිංචි ඉබ්බා­ග­මුව යුද හමුදා කඳ­වු­රට අනු­යු­ක්තව සේවය කරන බව කියන සාමාන්‍ය සෙබ­ළෙකි. මත්පෙති ළඟ තබා ගැනීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ තල­ම­ල්ගම පොලිස් වසමේ හිරි­යාල අඹ­ග­ස්වැව හා කුඹු­ක්ගැටේ පොලිස් වසමේ කිඹු­ල්වානා ඔය කුඹු­ක්ගැටේ ලිපි­නයේ පදිංචි 20 හැවි­රිදි හා 28 හැවි­රිදි පුද්ග­ල­යින් දෙදෙ­නෙකි.

පොලි­ස්ප­ති­තු­මාගේ සංක­ල්ප­ය­කට අනුව ක්‍රියා­ත්මක වන යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව නාගො­ල්ලා­ගම පොලිස් වසමේ අප­රාධ වැළැ­ක්වීමේ හදිසි සෝදිසි මෙහෙ­යු­මක් සිදු කරන ලෙස මහව සහ­කාර පොලිස් අධි­කාරි බණ්ඩාර මහ­තා­ගෙන් ලැබුණු උප­දෙ­ස්ව­ලට අනුව නගො­ල්ල­ගම පොලි­සිය විසින් මෙම මෙහෙ­යුම ක්‍රියා­ත්මක කළ බව නාගො­ල්ල­ගම පොලි­සිය පව­සයි.

ඒ අනුව නාගො­ල්ලා­ගම නර­ම­නා­කො­ටුව මුල්ව­ක්කඩ නමැති ස්ථානයේ දී සවස 6.00ට පමණ අධික වේග­යෙන් පැමිණි යතු­රු­පැ­දි­යක් නවතා පරීක්ෂා කිරී­මේදී යතු­රු­පැ­දි­යෙන් පැමිණි දෙදෙනා සතුව තිබී වර්ග තුන­කට අයත් මත්පෙති 310 (තුන්සිය දහ­යක් ) අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බව පොලි­සිය පව­සයි. එම මත්පෙති මාන­සික රෝගීන් සඳහා දෙන ඒවා බවට සැක කරන බව ද පරී­ක්ෂණ පව­ත්වන නිල­ධා­රීහු සඳ­හන් කරති.

අල්ලස් දීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු මත්පෙති ළඟ තබා ගත් පුද්ග­ල­යන් දෙදෙනා පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී ඔවුන් අමතා දුර­ක­තන ඇම­තු­මක් ලබා දෙමින් තමන් ඔවුන්ව බේරා ගැනීම සඳහා පැමි­ණෙන බව සඳ­හන් කර තිබූ බව පොලි­සිය පව­සයි. ඒ බව ඔවුන්ට ලැබුණු දුර­ක­තන ඇම­තු­මට සවන් දීමෙන් තහ­වුරු වූ බව ද පොලි­සිය සඳ­හන් කරයි.

ඒ අනුව පොලිස් ස්ථාන­යට පැමිණ අල්ලස් ලබා දීමට උත්සාහ කළ සැක­කරු මෙම මෙහෙ­යු­මට සම්බන්ධ වූ නිල­ධා­රීන් අමතා තම මිතු­රන් දෙදෙනා මුදා­හ­රින ලෙස දිගින් දිග­ටම ඇවි­ටිලි කළ බවත් ඔවුන් එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කිරීම නිසා අප­රාධ මර්දන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක කරු­ණා­රත්න මහතා හමුවී දිගින් දිග­ටම තම මිතු­රන් නිද­හස් කරන ලෙසට පවසා සිටි බවත් ඒ අව­ස්ථා­වේදී අල්ලස් ලබා දීමට උත්සාහ කළ මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බවත් මෙහෙ­යු­මට සම්බන්ධ නිල­ධා­රීහු පව­සති.

පොලි­සිය සඳ­හන් කරන්නේ සැක­කරු පොලි­සි­යට අල්ලස් ලෙස ලබා දීමට උත්සාහ කල රුපි­යල් 5000 නෝට්ටු දහ­යක් සමඟ පොලිස් ස්ථානය තුළ­දීම රාත්‍රී 8.25ට පමණ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බවත්ය. මෙම පුද්ග­ලයා සත්‍ය වශ­යෙන්ම යුද හමුදා සාමා­ජි­ක­යකු ද යන්න පිළි­බ­ඳ­වද සොයා බැලීම සඳ­හාද පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කළ බව පොලි­සිය පව­සයි.

සැක­ක­රු­වන් මහව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

කුරු­ණෑ­ගල සුනිල් එස්. පැල්ල­න්දෙ­ණිය මහව - සංජී­වනී ආරි­ය­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x