Home » රටින් පැන ගිය විශේ­ෂඥ වෛද්‍ය ජය­නාත් අල්ලන්න ඉන්ට­ර්පෝල් සූදා­නම්
හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් වංචාව

රටින් පැන ගිය විශේ­ෂඥ වෛද්‍ය ජය­නාත් අල්ලන්න ඉන්ට­ර්පෝල් සූදා­නම්

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම අධි­ක­ර­ණ­යට කියයි

by damith
June 15, 2024 1:20 am 0 comment
  • ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක විජිත් රණ­සිංහ සන්ත­කයේ තිබූ රාජ­කාරි මුද්‍රා 12ක් CID භාර­යට
  • කෙහෙ­ළිය ඇතුළු සැක­ක­රු­වන් 28 වැනිදා තෙක් රිමාන්ඩ්

ප්‍රමි­ති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධි­යට අදා­ළව රතු නිවේ­දන සහිත විවෘත වරෙන්තු නිකුත් වී සිටින 09 වැනි සැක­කරු වන විශේ­ෂඥ වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා ජාත්‍ය­න්තර පොලි­සිය ක්‍රියා­ත්මක වී ඇතැයි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙනෙ­විය මාළි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම වීර­සිංහ මහ­ත්මි­යට ඊයේ (14) දැනුම් දුන්නාය.

ඒ අනුව එම සැක­කරු ජාත්‍ය­න්තර පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන මෙරට රහස් පොලි­සියේ ජාත්‍ය­න්තර ඒක­කය වෙත භාර­දී­මට කට­යුතු යොදා ඇතැයි ද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නාය. මෙම සිද්ධියේ 12 වැනි සැක­කරු වන ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් රණ­සිංහ ගුණ­සේ­කර යන අය සතුව රාජ­කාරී මුද්‍රා දෙකක් පම­ණක් පව­තින බවට ඔහු ප්‍රකාශ ලබාදී තිබු­ණත් සිදු කළ විම­ර්ශ­න­ව­ලදී රාජ­කාරී මුද්‍රා 12ක් අත්අ­ඩං­ගු­වට ගත් බව ද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නාය.

මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාරයේ ඇති එම මුද්‍රා 12 සම්බ­න්ධ­යෙන් වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ලබා දෙන ලෙසට මහේ­ස්ත්‍රා­ත්ව­රිය ආණ්ඩුවේ සැක කට­යුතු ලේඛන පිළි­බඳ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට නියෝග කළාය. ප්‍රමි­ති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය ඊයේ (14) අධි­ක­ර­ණය හමුවේ යළි කැඳවූ අව­ස්ථා­වේදී මෙම කරුණු ඉදි­රි­පත් විණි. මෙම සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් ලෙස හිටපු සෞඛ්‍ය සහ පරි­සර ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල සහ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත යන අය­ව­ලුන් ඇතුළු සැක­ක­රු­වන් 11 දෙනකු ඊයේ (14) අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

පැමි­ණීල්ල වෙනු­වෙන් නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙනෙ­විය සමඟ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීහු අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙනෙ­විය – ස්වාමීනි, ලියා­ප­දිංචි නොවූ ඖෂ­ධ­යක් ශ්‍රි ලංකා­වට ආන­ය­නය කරන අව­ස්ථා­වේදී ඖෂධ නියා­මන අධි­කාරී පනත ප්‍රකා­රව ඖෂධ ඇගැ­යීම් කමි­ටු­වේම අනු කමි­ටු­වක් ලෙස ඩබ්ලිව්. ඕ. ආර්. කමි­ටු­වක් ක්‍රියා­ත්මක කිරී­මට අදාළ අව­ස­රය ලබා දෙන අව­ස්ථා­වේදී එම කමිටු සාමා­ජි­ක­යන් විසින් ලියා­ප­දිංචි නොවන සැපැ­යු­ම්ක­රු­ව­කුට ඖෂ­ධ­යක් ලබා­දීම සඳහා සලකා බලන උප­මා­න­යන් පිළි­බ­ඳව සලකා බල­නවා. එහිදී ලියා­ප­දිංචි සැප­යු­ම්ක­රු­වකු නොමැ­තිව අත්‍ය­වශ්‍ය කාර­ණ­ය­කදී පම­ණක් එම කාර­ණය සලකා බලන බවට මෙම ඩබ්ලිව්. ඕ. ආර්. කමි­ටුවේ විශේ­ෂඥ වෛද්‍ය කමි­ටුව ප්‍රකාශ කර තිබුණා කියලා අධි­ක­ර­ණ­යට අපි කිව්වා.

නමුත් මෙම තත්ත්ව­යට ව්‍යාති­රේ­කව මෙහි 12 වැනි සැක­කරු 2022 සැප්තැ­ම්බර් 16 වැනි දින හය­වන සහ දහ­වන සැක­ක­රු­වන්ගේ අනු­මැ­තිය යටතේ පාස්ටට් මෙතර්ඩ් නැත්නම් ශීඝ්‍ර­ගාමී ක්‍රම­යට අව­සර ලබා­ගෙන ඇති බව ඖෂධ නියා­මන අධි­කා­රියේ අධ්‍ය­ක්ෂක මණ්ඩ­ලය වෙත අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රි­කා­වක් ඉදි­රි­පත් නොකර ‘නෝට් ටු ද බෝර්ඩ්’ කියන ලියැ­විල්ල මත දැනුම් දීමක් කරලා එය මෙය 01 වැනි සහ 10 වැනි සැක­ක­රුගේ අනු­දැ­නුම නිසා අධ්‍යක්ෂ මණ­ඩ­ල­යට යොමු කරලා අව­ස­රය අර­ගෙන තිබුණා. ඊට අදා­ළව අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ ප්‍රකාශ ගත්තා. එහිදී එව­කට අධ්‍යක්ෂ මණ්ඩ­ලය නියෝ­ජ­නය කරන ලද විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් දෙදෙ­නාම පැහැ­දිලි ප්‍රකාශ ලබා දෙමින් කියා සිටියා එම නෝට් ටු ද බෝඩ් කියන සට­හන ඉදි­රි­පත් කරන අව­ස්ථා­වේදී ඩබ්ලිව්. ඕ. ආර්. කමි­ටුව මඟින් නිර්දේශ ලබා නොගෙන 12 වැනි සැක­කරු විසින් ලබා­දෙන බවට ඔවුන් කිසිදු අව­ස්ථා­වක දැන­ගෙන නොසිටි බව.

මේ සම්බ­න්ධ­යෙන් විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් නොවන අදාළ අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ සභා­පති ඇතුළු අනෙ­කුත් සාමා­ජි­ක­යින්ගේ ප්‍රකාශ සට­හන් කර ගත්තා. එම ප්‍රකා­ශ­වල පැහැ­දි­ලිව කියා තිබෙ­නවා ඔවුන් කිසිදු අව­ස්ථා­ව­කදී ඩබ්ලිව්. ඕ. ආර්. කමි­ටුව හරහා ලියා­ප­දිංචි නොවූ සැප­යු­ම්ක­රු­වන්ට අදාළ ඖෂ­ධය ගෙන්වී­මට ඖෂධ නියා­මන අධි­කා­රිය සිදු කර තිබෙ­නවා කියලා. ඔවුන් මුල් අව­ස්ථා­වේදී එය නොදැන සිටියා කියලා ඔවුන් පැහැ­දි­ලිව කියලා තියෙ­නවා. ඔවුන් කිය­නවා 12 වැනි සැක­කරු ගත්තේ මොන ක්‍රියා­මා­ර්ග­යක් ද කියලා ඔවුන් දන්නේ නැති බව. මේ කමි­ටුවේ ඉන්නේ ඖෂධ නියා­මන අධි­කා­රියේ නිත්‍ය සාමා­ජි­ක­යන්. ඖෂධ නියා­මන අධි­කාරි පනත යටතේ ප්‍රධාන විධා­යක නිල­ධා­රියා තමයි අධ්‍යක්ෂ මණ්ඩ­ලය ගනු ලබන තීර­ණය ක්‍රියා­ත්මක කිරීමේ ප්‍රධාන විධා­ය­කයා බවට පත්වන්නේ. ඒ නිසා ඔහුව විශ්වාස කරලා තමයි මේ කට­යුතු කරන්නේ කියලා ඔවුන් පැහැ­දිලි ප්‍රකා­ශ­යක් දුන්නා.

නමුත් එම තත්ත්වය යටතේ 12 වැනි සැක­කරු විසින් අදාළ ඖෂ­ධය විශ්ලේ­ෂ­ණය කළ හැකි විශේ­ලේ­ෂණ කමි­ටුව මග හරවා ඔහු විසින් ඔහු යටතේ සේවය කරන ඖෂ­ධ­වේ­දීන් හරහා මෙම සහි­ත­කය නිකුත් කිරීම කළ බවට විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වුණා. ඔහුගේ ප්‍රකා­ශය සට­හන් කරන අව­ස්ථා­වේදී ඩබ්ලිව්.ඕ.ආර්. සහ­ති­කය නිකුත් කිරී­මට තිබෙන සුදු­සු­කම් මොන­වාද කියලා අපි ඇහුවා. ඔහු කියා සිටියේ ඒ සම්බ­න්ධ­යෙන් ඔහුට කිසිම සුදු­සු­ක­මක් නැහැ කියලා. ලියා­ප­දිංචි නොවූ සැප­යු­ම්ක­රු­වකු රෝගීන්ට ලබා දෙන ඖෂ­ධ­යක් ආන­ය­නය කිරී­මේදී එම ඖෂ­ධයේ තත්ත්වය පිළි­බ­ඳව අදාළ නියා­මන අධි­කා­රියේ විධා­යක නිල­ධා­රි­යාට සුදු­සු­ක­මක් තිබිය යුතුයි. ඊට අදාළ සමාජ සුභ­සා­ධන නඩු­ක­ර­ණ­යක් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ පැව­රුවා.

ඊට හේතුව තමයි අත්‍ය­වශ්‍ය නොවන ඖෂධ 37ක් මෙර­ටට ආන­ය­නය කිරී­මට ඖෂධ නියා­මන අධි­කා­රියේ 12 වැනි සැක­කරු විසින් හය­වන සැක­ක­රුගේ කීම මත මුදල් අය­කර අදාළ ඩබ්ලිව් ඕ සහ­ති­ක­යක් නිකුත් කළා. ඒ අව­ස්ථා­වේදී මහ­ජන ආර­ක්ෂණ කණ්ඩා­ය­මක් ශ්‍රේෂ්ඨා­ක­ර­ණයේ නඩු­වක් පැව­රුවා.

එහිදී ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය කිව්වා මෙර­ටට එම ඖෂධ ගෙන්වීම හත­නම් කරන්න කියලා. ඒ අනුව 12 වැනි සැක­කරු නැවත වරක් අධ්‍යක්ෂ මණ්ඩ­ලය ඉදි­රි­යට ගිහිල්ලා ඉල්ලුවා ඩබ්ලිව්. ඕ. ආර්. සහ­ති­කයේ කාලය මාස හයක් සඳහා දීර්ඝ කරලා දෙන්න කියලා. ඒ කාලය අව­සාන වන විට නැවත මාස හය­කට ඉල්ලා සිටියා. පසුව අධ්‍යක්ෂ මණ්ඩ­ලය එම මූලික අයි­ති­වා­සි­කම් පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස නම් කරලා තිබුණ නිසා ඔවුන් දෙවැනි වරට කාලය දීර්ඝ කිරී­මට කැමැති වුණේ නැහැ. අධ්‍යක්ෂ මණ්ඩ­ලය කිව්වා මේ නඩුව තියෙන නිසා අනු­මැ­තිය දෙන්න බැහැ නැවත ඩබ්ලිව්. ඕ. ආර්. කමි­ටු­වක් මඟින් සහි­තක නිකුත් කිරිම කළ යුතුයි කියලා. එම පසු­බිම යටතේ අප අධි­ක­ර­ණ­යෙන් නියෝග ඉල්ලා සිටියා 12 වැනි සැක­ක­රුගේ අත්ස­නින් තබන ලද කටු සට­හන සහ ඔහු නිකුත් කළ ලිපි කිහි­ප­යක් අපට ලබා ගැනී­මට.

12 වන සැක­කරු තැබූ එම කටු සට­හ­නම ඉන් පස්සේ ඔහු ලියා තිබෙන දේ ඒ ආකා­ර­යෙන්ම 6 වන සැක­කරු ලිපි­යක් ලෙස ඖෂධ නියා­මන අධි­කා­රියේ ප්‍රධාන විධා­යක නිල­ධාරී වෙත නිකුත් කරලා තිබෙ­නවා. 12 වැනි සැක­කරු 6 වන සැක­කරු ලවා ඒක නිකුත් කර­ගෙන තිබෙ­නවා. ඒ ලිපියේ තිබෙ­නවා 2023 මාර්තු මස 17 වැනිදා අධ්‍යක්ෂ මණ­ඩ­ලය තිර­ණය කර­නවා සිය­ලුම ඩබ්ලිව්. ඕ. ආර්. සහ­තික විශේ­ෂඥ කමි­ටුව මඟින් විත­රයි නිකුත් විය යුත්තේ කියලා. නමුත් 2023 මාර්තු 27 කිය­නවා 08 වැනි සැක­කරු උප­දෙස් දුන්නා කියලා. පනතේ තිබෙන බල­තල අභි­භවා ශීඝ්‍ර­ගාමී ක්‍රමය අනු­ග­ම­නය කරන්න කියලා. ඖෂධ නියා­මන අධි­කාරි පනතේ අධි­කා­රිය කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය. ඒ නිසා පනත උල්ලං­ඝ­නය කර­මින් මේ ආකා­ර­යට 6, 8, 12 යන සැක­ක­රු­වන් කට­යුතු කර තිබෙ­නවා.

ඒ නිසා මෙම ලිපිය 12 වැනි සැක­ක­රුගේ ආදර්ශ අත්ස­නත් සමඟ රජයේ සැක කට­යුතු ලේඛන පිළි­බඳ පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු කිරී­මට අවශ්‍ය වෙනවා. ඒ සඳහා නියෝ­ග­යක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටි­නවා. මෙහි 12 වැනි සැක­කරු ඉකුත් 2023 ඔක්තෝ­බර් මස 20 වැනිදා ප්‍රකා­ශ­යක් ලබා දීලා කිව්වා ඔහුගේ රාජ­කා­රි­යට භාවිතා කරනු ලැබුවේ මුද්‍රා දෙකක් පම­ණයි කියලා. නමුත් මෙම විම­ර්ශ­න­යට අදා­ළව සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව කරන ලද අභ්‍ය­න්තර පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වුණා ඔහු විසින් මුද්‍රා 12ක් භාවිත කර තිබූ බව. රාජ්‍ය නිල­ධා­රීන් මුද්‍රා 12 ක් භාවිත කර තිබෙ­නවා.

ඒ අනුව අදාළ මුද්‍රා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු කර වාර්තා කැඳ­වී­මට අවශ්‍ය වෙනවා. 2022 අගෝස්තු මාස­යේදී 12 වැනි සැක­කරු 01 වැනි සැක­ක­රුට ලියු­මක් යවලා තිබෙ­නවා. එම ලිපිය යැවී­මට හේතු පාදක වී තිබුණේ ඖෂධ නියා­මන අධි­කා­රියේ වර්ත­මාන සභා­පති සහ 12 වැනි සැක­කරු පුද්ග­ලි­කව පළ­මු­වැනි සැක­ක­රුගේ ඖෂ­ධා­ගා­රය ස්ථාන පරී­ක්ෂා­වට ගිහින්.

ඒ අනුව අදාළ ලිපි­නය සීඅ­යිඩී එකට භාර­යට දෙන ලෙසට ඖෂධ නියා­මන අධි­කා­රි­යට නියෝ­ග­යක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටි­නවා. මෙම ප්‍රශ්න­ගත බෙහෙත මාතර, නුවර යන රෝහ­ල්වල රෝගීන්ට ලබා­දීලා තියෙ­නවා. එහිදී රෝගීන්ට ඇතිවූ ආසා­ත්මි­කතා වාර්තා වෙලා තිබුණා. එහිදී කමි­ටුව වහාම කිව්වා එම බෙහෙත ලබා දෙන එක නව­ත්වන්න කියලා. ඒ කමි­ටුව මඟින් මීට අදා­ළව මුලින්ම කරුණු හෙළි කර­ගෙන තියෙන්නේ. ඒ සම්බ­න්ධ­යෙන් කරන ලද වට්ස්ඇප් සමූ­හ­ය­කට සම්බන්ධ වෙලා තියෙ­නවා. එහිදී ඔවුන් තීර­ණය කළා හැකි ඉක්ම­නින් එම ඖෂ­ධය මොකක්ද කියලා හොයා­ග­න්නත් පෙර රෝහල් පද්ධ­ති­යෙන් ඉවත් කර ගන්න. ඒ අනුව වි‍ශේෂඥ වෛද්‍ය රජීන්ද්‍ර සිල්වා මහතා නිර්දේශ කළා එය වහාම ඉවත් කරන්න.

ඒ අනුව ඊට අදාළ ලිපිය එනම් ඖෂධ සුර­ක්ෂි­තාව පිළි­බඳ ඇගැ­යීම් කමි­ටුවේ සභා­ප­ති­ව­ර­යාගේ නිර්දේ­ශය අනුව නිකුත් කළ එම ලිපිය අප­රධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර දෙන ලෙසට නියෝ­ග­යක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටි­නවා. අධි­ක­රණ නියෝග ප්‍රකා­රව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ප්‍රොන්ටෝ පද්ධ­ති­යට පිවිසී මෙම විම­ර්ශ­න­යට අදාළ විම­ර්ශන සිදු කර­මින් යනවා.

මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින සැක­ක­රු­වන් වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නිතී­ඥ­ව­රුන් සඳ­හන් කර සිටියේ තම සේවා­දා­ය­ක­යින්ට ඇප ලබා දෙන ලෙසය. මෙහිදී තුන්වැනි සැක­කා­රිය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීති­ඥ­ව­රයා සඳ­හන් කර සිටියේ ඇයගේ රෝගී තත්ත්වය සැල­කි­ල්ලට ගෙන විශේ­ෂඥ වෛද්‍ය කමි­ටු­වක් මඟින් එම රෝගී තත්ත්වය පිළි­බ­ඳව වාර්තා­වක් කැඳ­වන ලෙසය. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වෙත අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක් නිකුත් වූයේ එම සැක­කා­රිය සම්බ­න්ධ­යෙන් විශේ­ෂඥ වෛද්‍ය කමි­ටු­වක් මඟින් වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ලබා දෙන ලෙසයි.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රු­වන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර එදින තෙක් නඩුව කල් තැබීය. බාල ඖෂධ ගෙන්වූ බව කියන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ සහ­කාර අධ්‍යක්ෂ ශාන්තිනී සොල­මන්, ගණ­කා­ධි­කාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන‍්, ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් රණ­සිංහ ගුණ­සේ­කර යන සැක­ක­රු­වන් මෙම නඩුවේ සැක­ක­රුවෝ වෙති. මෙහි සිව්වැනි සැක­කාර හිරාන් ධන­ජංය, පස්වැනි සැක­කාර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන යන අය පම­ණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම් කර ඇත. එම සැක­කරු මේ වන විට විදෙ­ස්ගත සිටියි.

නිමන්ති රණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x