Friday, July 5, 2024
Home » නැනෝ තාක්ෂණයෙන් වාහනයේ Windscreen එකේ ජල පැල්ලම්වලට තිත

නැනෝ තාක්ෂණයෙන් වාහනයේ Windscreen එකේ ජල පැල්ලම්වලට තිත

by damith
June 15, 2024 1:20 am 0 comment

වාහන සඳහා නැනෝ තාක්ෂණය පදනම් කර ගත් නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති Eco Tablets සිය නවතම නිෂ්පාදනය වන Glass Reborn සහ Glass Cleaner Rain Drop වෙ‍ෙළඳපොළට හඳුන්වා දෙයි.Glass Reborn ඔබේ මෝටර් රථයේ සියලුම වීදුරුවල (Front Windshield, Rear Windshield, Door Glass and Quarter) දූවිලි අංශු, අම්ල වැසි නිසා ඇති වන ජල ලප සහ වීදුරුවල හා පැති කණ්ණාඩිවල

පවතින පැල්ලම්, සුළු සීරීම් ඉවත් කර නැනෝ තාක්ෂණයෙන් නැවත එම වීදුරුවලට Brand New සුපැහැදිලි පෙනුමක් ගෙන එයි.

මෙම නිෂ්පාදනය ජපානය, යුරෝපය, ඉන්දියාව, කොරියාව, අමෙරිකාව, චීනය වැනි ඕනෑම රටක නිෂ්පාදිත වාහන වර්ගයක වීදුරු සඳහා භාවිත කළ හැකිය. Glass Reborn නිෂ්පාදනය කිසිදු තාක්ෂණික ශිල්පියෙකුගේ සහායකින් සහ කිසිදු යන්ත්‍රයක් යොදා ගැනීමෙන් තොරව තමන්ටම භාවිත කළ හැකි වීම මෙහි ඇති සුවිශේෂත්වයකි. මිලිලීටර් 130කින් යුතු මෙම Glass Reborn නිෂ්පාදනය කුඩා මෝටර් රථ පහකට වැඩි සංඛ්‍යාවකට භාවිත කළ හැකිය. Glass Reborn යොදා

ප්‍රකෘති තත්ත්වයට පත් කර ගත් වීදුරුවල නැවත ජල පැල්ලම් ඇතිවීම වළක්වමින් ලැබුණු සුපැහැදිලි පෙනුම ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාම සඳහා Glass Cleaner Rain Drop නැනෝ ආරක්ෂිත පටලය ගැල්විය යුතුය. Glass Cleaner Rain Drop වීදුරු මත ගැල්වීමෙන් වයිපර් ක්‍රියාත්මක වන අවස්ථාවල ජලය පහසුවෙන් ඉවත් වීමක් සිදු වන අතර ඒ හරහා රියැදුරුට පැහැදිලි දැක්මක් ලැබෙයි. මිලිලීටර් 28කින් යුතු Glass Cleaner Rain Drop බෝතලයක් වාහන දෙකක් සඳහා ප්‍රමාණවත් වන අතර මිලිලීටර් 375ක බෝතලයක් වාහන 30ක් සඳහා ප්‍රමාණවත් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x