වැල්ලවත්ත මුහුදු මාවතේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ නින්දවුර් අලිම් පාර පදිංචිව සිටි බී.එල්. ඉලානි නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
දෙහිවල දෙස සිට බම්බලපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය ඉදිරියෙන් ගමන් ගත් වාහනයකට ඉස්සර කිරීම සඳහා විරුද්ධ දිශාවට වෑන් රථය යොමු කර ධාවනය කිරීමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
මුහුදු මාවතේ මැද දූපත බහුතරයක් රියැදුරන් ගණන් නොගෙන විරුද්ධ දිශාවට සිය වාහනය යොමුකර ධාවනය කිරීම හේතුවෙන් මෙම මාර්ගයේ බහුලව අනතුරු සිදුවන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෑන් රථ රියැදුරු වන කොළොන්නාව පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවල මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. ඒ.ටී. මදුශංක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.