145
ගල්කිස්ස මිහිඳු මාවත නිවාස අතරින් යන මාර්ගයේ අපජල කානු පද්ධතිය ගලියේ කොන්ක්‍රීට් ආවරණ කැඩී අනාරක්ෂිත වීමෙන් නිවැසියන් හා වාහන හිමියන් ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එම කානුව ඇතුළතින් ජල නළ එලා ඇති බැවින් ගලායන ජලයේ ඇති අපද්‍රව්‍ය ඉටිකොළ සමඟ එකතුවී අවහිරවීම නිසා වැසිජලය උතුරා මාර්ගයේ ගලායාමෙන් නිවාසවලට පවා ඇතුළුවන බැවින් වගකිවයුතු ආයතන අවධානය යොමුකර යථාවත් කර දෙන ලෙස ගම්වැසියෝ ඉල්ලා සිටිති.