Home » විදේශ ගමන් බලපත්‍ර අටක් ළඟ තබා ගත් කතක් අත්අඩංගුවට

විදේශ ගමන් බලපත්‍ර අටක් ළඟ තබා ගත් කතක් අත්අඩංගුවට

by yasara
June 14, 2024 9:54 am 0 comment

ව්‍යාජ මුදල් නෝට්ටු  , ව්‍යාජ  හැදුනුම්පත්  , අන්සතු විදේශ ගමන් බලපත්‍ර , අන්සතු  හැදුනුම්පත් , අන්සතු රියදුරු  බලපත්‍ර  ,  රජයේ හා වෙනත් ආයතනවල රබර් මුද්‍රා  ළග තබා ගෙන සිටි  කාන්තාවක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින්  පසුගිය  12 වැනිදා අත් අඩංගුවට ගෙන ඇත.

මේ සැකකාර කාන්තාවගේ ජාඇල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අත් අඩංගුවට ගැනිණි.

මේ අවස්ථාවේදී මේ කාන්තාව ළඟ තිබී ව්‍යාජ  රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක්  , ව්‍යාජ ජාතික හැදුනුම්පතක්  , අන්සතු විදේශ ගමන් බලපත්‍ර අටක්  , අන්සතු ජාතික හැදුනුම්පත් දෙකක්  , අන්සතු රියදුරු බලපත්‍රයක්  , රජයේ හා වෙනත් ආයතනවල රබර් මුද්‍රා 11 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙයි.

මේ කාන්තාව ජාඇල ප්‍රදේශයේ පදිංචි පනස්තුන් හැවිරිදි ව්‍යාපාරික කටයුතු වල නියැලී සිටින තැනැත්තියක් වන බව පැවසේ.

අත් අඩංගුවට ගත් මේ කාන්තාව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT