162
ඉඩංගොඩ ගලතුර මාර්ගයේ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමට යද්දී රියැදුරුගේ දක්ෂතාව නිසා එම අනතුර වළක්වාගෙන ඇත.
කලවාන සිට කොළඹ දක්වා ඊයේ (13) උදෑසන ගමන් කළ බසයක් මෙලෙස බේරාගෙන ඇත.
අනතුර සිදු වීමට ගිය අවස්ථාවේ මගීන් 40ක් බසයේ ගමන් කර තිබේ. බස් රථය මාර්ගයේ එක් පසෙක ඇති වේල්ල දෙසට හරවා රියැදුරු සිදුවීමට ගිය අනතුරින් බේරාගෙන ඇත.
මාර්ගයේ අනෙක් පසින් ඇති බෑවුම් සහිත ප්‍රදේශයට ලිස්සා ගියේ නම් සිදුවිය හැකි අනතුර කිව නොහැකි තරම් බරපතළ විය හැකි බව පොලිසිය පැවසීය.
මාර්ගයේ පවතින මඩ ස්වභාවය හේතුවෙන් ඒ ආශ්‍රිතව රථවාහන කිහිපයක්ම අනතුරට පත්වූ බව ප්‍රදේශවාසීහු පවසති.