ලෝකයේ ඇති සියලුම ආගම්වලට අයත් බැතිමතුන් එක්ව එකම දෙවියකු අදහන සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන්නේ කතරගම පුදබිමයි. සාමයේ තෝතැන්න බවට පත් වූ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය එළඹෙන ජූලි 06 වැනිදා පැවැත්වේ.
විවිධ රටවලට අයත් විශ්වවිද්‍යාල තුළ ආධ්‍යාත්මික හා දේව ඇදහිලි සම්බන්ධයෙන් අධ්‍යයනය කරන යුරෝපීය සිසු සිසුවියන් වැඩි වශයෙන් කතරගම පුදබිම සම්බන්ධයෙන් දැනුම ලබා ගැනීමට පැමිණෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන අතර අෙමරිකාව, එංගලන්තය හා ප්‍රංශය යන රටවල් නියෝජනය කරන පිරිස් මෙසේ පැමිණ කතරගම පුදබිම පිළිබඳව අධ්‍යයනය කරන පිරිස් අතර වන බව බස්නායක නිලමේ වැඩිදුරටත් පවසා සිටී.
මෙහි දැක්වෙනුයේ එසේ පැමිණි විදේශිකයින් පිරිසක් මාධ්‍ය කැමරාවට හසු වූ අයුරුයි.