බුද්ධි ගලනය නවතා රටේ සංවර්ධනයට මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීම තේමා කර ගනිමින් කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරනු ලබන ‘ආනන්දයීය පා ගමන 2024’ ලබන මස 7 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇති අතර එහි එක් පියවරක් ලෙස උපන් බිමට තම මෙහෙවර හා යුතුකම ඉටු කිරීමට ජනතාව දැනුවත් කිරීමේ හා බලගැන්වීමේ අරමුණින් Educate & Empower to Serve Motherlanka යන තේමාව මුල් කරගෙන සංවිධාන කරනු ලබන පා ගමන එදින පස්වරු 2.30ට ආනන්ද විද්‍යාලයෙන් ආරම්භ කර පුංචි බොරැල්ල, බොරැල්ල මංසන්ධිය, පුරහල, ඇලෙක්සැන්ඩ්‍රා වටරවුම ඔස්සේ කොළඹ 07 විහාරමහා දේවී උද්‍යානයෙන් අවසන් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මෑත කාලීනව සිදු වූ ආර්ථික, දේශපාලනික හා සාමාජීය විපර්යාස හේතු කොටගෙන උද්ගතව ඇති තත්ත්වය හමුවේ අධ්‍යාපන සුදුසුකම් සැපිරූ උගත්, බුද්ධිමත් වෘත්තිකයන් සහ විශේෂයෙන් සක්‍රීය ශ්‍රම බළකායට අයත් වන දැන උගත් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් රට හැර යෑම තම එකම අරමුණ කරගෙන සිටිති. ඒ නිසා බුද්ධිගලනය නිසාවෙන් නුදුරු අනාගතයේදී දරුණු අර්බුදකාරී තත්ත්වයකට මුහුණපෑමට මෙරටට සිදු වනු ඇති අතර එම ගැටලුවේදී බලපෑම් කණ්ඩායමක් ලෙස පෙරමුණ ගැනීම ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන අරමුණයි.
ඡායාරූපය – රංජිත් අසංක