Wednesday, July 3, 2024
Home » පාකිස්තාන ගුවන් සේවයේ යුරෝපා තහනම දීර්ඝ කරයි

පාකිස්තාන ගුවන් සේවයේ යුරෝපා තහනම දීර්ඝ කරයි

by mahesh
June 14, 2024 1:00 am 0 comment

පාකිස්තාන ගුවන් සේවයේ නියමු බලපත්‍ර වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මීට වසර 4කට පෙර පනවනු ලැබූ යුරෝපයේ ගුවන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපා හවුල තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා පැවැති යුරෝපා හවුලේ ගුවන් ආරක්ෂණ කමිටු රැස්වීමකදී එම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2020 මැයි 22 වැනිදා ලාහෝර් නුවර සිට කරච්චි දක්වා පියාසර කරමින් තිබූ පාකිස්තාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේදී කඩා වැටීමෙන් 99 දෙනකුගෙන් සමන්විත ගුවන් යානයෙන් 97 දෙනකුම ජීවිතක්ෂයට පත්වූ අතර, එම අනතුරට හේතුව ව්‍යාජ බලපත්‍ර හිමි ගුවන් නියමුවන්ගේ අත්වැරදීමක් බව විමර්ශනවලදී හෙළි විය.

එම අනතුරට හේතුව අනාවරණය වීමත් සමඟ පාකිස්තාන ගුවන් සේවයට යුරෝපයේ ගුවන් සීමාව මාස 6ක කාලයකට තහනම් කිරීමට යුරෝපා හවුල පියවර ගත් අතර, පසුව එම තහනම මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ. අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ද පාකිස්තාන ගුවන් සේවයට එම තහනම පනවා ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x