සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම සිනමාපටය වන Òගෞතම බුද්ධ මාතාÓ හි වැඩ අරඹමින් එහි නවතම ගීත පටිගත කිරීම පසුගිය දින සිදු කෙරිණි. ගේය පද රචනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කරන ලද අතර, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. ගායනයෙන් යොවුන් ගායන ශිල්පිනියන් වන කාංචනා අනුරාධා, ආදිත්‍යා වැලිවත්ත, අංජලී හේරත් එක්වෙති. යුනිවර්සල් පෞද්ගලික සමාගම වෙනුවෙන් තිලංග සුමතිපාල ගෞතම බුද්ධ මාතා නිෂ්පාදනය කරන අතර, දෙස් විදෙස් රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති. සිනමාපටය රූගත කිරීම මෙම මස ඇරඹීමට නියමිතය.
සාදු ගී වන්දනා 23දා
සංගීත් නිපුන් සරත් චන්ද්‍ර කුමාර ඉදිරිපත් කරන ‘සාදු ගී වන්දනා’ ගී ප්‍රසංගය මෙම මස 23දා ඉරිදා සවස 6.00ට වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක රංග ශාලාවේදී පැවැත්වේ. මෙහි ගීත විචාරය ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි සුරවීර විසිනි. ගීත ප්‍රිය කරන ඔබට “සාදු ගී වන්දනාÓ ගී ප්‍රසංගයට සහභාගි විය හැකිය.
ශ්‍රී වික්‍රම නූර්තිය ජූනි 14දා
නීතිඥ මාකලන්දගේ ජෝන්ද සිල්වා සූරීන් විසින් රචිත ශ්‍රී වික්‍රම පෙළ ඇසුරින් රත්න ශීලා පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන කාංචන ගමගේ විසින් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී වික්‍රම නූර්තිය, ජූනි 14 බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේදී සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් ලෙසින් වේදිකාගත කෙරේ.
උත්තර භාරතීය රාගධාරී සංගීතය සමඟ ගායනයේ නර්තනය අපූරුවට රසවිඳිය හැකි නූර්තියකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව පාසල් සිසුන්ට ප්‍රදර්ශනය වුවද නාට්‍යයට ප්‍රිය කරන ඔබට නැරඹිය හැකිය.
සිංහබාහු අතිසාර්ථක දින 50 පසු කරයි
ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක සිනමා නිර්මාණය සිංහබාහු අතිසාර්ථක ලෙස ආදායම් වාර්තා තබමින් දින 50 පසු කරයි. ගාමිණී වික්‍රමසිංහ හා රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක් වන මෙය මේ වන විටත් දිවයින පුරා සිනමා ශාලාවල නොකඩවා ප්‍රදර්ශනය වේ. දිවයින පුරා ඇති සිනමා ශාලා වෙත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙති. සිංහබාහු ප්‍රදර්ශනයේ දින 50 පසු කරන දින සිනමාපටයට සම්බන්ධ වුණු නළු නිළියන් හා නිෂ්පාදක මඬුල්ල ප්‍රේක්ෂකයන් සමඟ එම සතුට බෙදාගත්හ.
අමුතු දවසක් විශේෂ දර්ශනයක්
ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ වී. සිවදාසන්ගේ නවතම අධ්‍යක්ෂණයක් වූ කීත් රංග විසින් නිෂ්පාදනය කළ අමුතු දවසක් සිනමාපටයේ විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය පසුගිය දින Colombo City Centre scope සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා විශේෂ ආරාධිතයන් හා සිනමාපටයට සම්බන්ධ කාර්මික ශිල්පීන් හා රංගන ශිල්පීන් වූ පුබුදු චතුරංග, නිරංජනී සම්මුගරාජා, පබෝදා සංදීපනි, නදීෂා අලහප්පෙරුම සමඟ කීත් රංග ඇතුළු නළු නිළියන් රැසක් එක්ව සිටියහ.
ගුරු ගීතය හෙට
චිංගීස් අයිත්මාතව්ගේ FIrst Teacher කෘතිය ඇසුරින් මහාචාර්ය මංගල සේනානායක නාට්‍යය නිර්මාණයක් වන Òගුරු ගීතයÓ එළැඹෙන 15 වැනිදා මරදාන ටවර් රඟහලේදී වේදිකාගත කෙරේ. රංග වස්ත්‍රාභරණ කමල් අද්දරආරච්චි, සංගීත නිර්මාණය ප්‍රබුද්ධි බුද්ධප්‍රියගෙනි. රංගනයෙන් ජයනි සේනානායක, අනුරාධ මල්ලවආරච්චි, මාලි ජයවීර, සුදර්ශන ක්‍රිෂාන්ත එක්වෙති.
Front Page Wedding වැඩ ඇරඹේ
Front page wedding චිත්‍රපටයේ මුහුරත් උෙලළ පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ක්‍රිෂාන්ත සූරිත් තිර රචනය හා අධ්‍යක්ෂණය හා නිෂ්පාදනයටද එක්වෙමින් ඔහුගේ කුලුඳුල් නිර්මාණයයි. ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය වන මෙම සිනමාපටය සඳහා මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දර ආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, දමයන්ති ෆොන්සේකා, නිල්මිණී සිගේරා, යශෝදා විමලධර්ම, විල්සන් ගුණරත්න, උමා අසේනි, දිනිති වල්ගම, විශ්වා විජේසූරිය, සමඟ ඔස්ට්‍රේලියානු ශිල්පීන් වන Hugh sheridan,Sarah Bishop, Mathias Klaver, Vicky Gard, Tzu Shan Chambers රංගනයෙන් එක් වෙති. තිර රචනය සහ අධ්‍යක්ෂණය ක්‍රිෂාන්ත සුරිත් ප්‍රනාන්දු, විධායක නිෂ්පාදනය චන්ද්‍රන් රත්නම්, රේඛීය නිෂ්පාදනය ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, කැමරා අධ්‍යක්ෂණය Susan Lumsdon (Australian) කලා අධ්‍යක්ෂණය ජනක ප්‍රසාද්, වේෂ නිරූපණය රංජිත් වික්‍රමසිංහ, ඇඳුම් නිර්මාණය සංඛද සිල්වා, ශබ්ද ඉංජිනේරු ලාල් දිසානායක, සංගීත සංයෝජනය KenLappen, සංගීත අධ්‍යක්ෂණය ජූඩ් පීරිස්, නර්තන වින්‍යාසය චන්න විජේවර්ධන සමඟ Reiner Behr (German) කොණ්ඩා මෝස්තර සැකසුම් ලලිත් ධර්ම වර්ධන, නිෂ්පාදන විධායක උපාලි ආරියසේන, නිෂ්පාදන සැලසුම් අනූජ මදුශංක, නිෂ්පාදන සම්බන්ධීකරණය සරත් විජේසේකර, සහාය අධ්‍යක්ෂණය Dilfer Farook, දර්ශනතල කළමනාකරණය රන්ජන් ප්‍රසන්න ගෙනි.
‘වියළි’ ජාතික රූපවාහිනියෙන්
ශාන්ති දිසානායකගේ ‘දඩ මංකඩ’ නවකතාව ඇසුරෙන් චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කරන ‘වියළි’ ටෙලි නාට්‍යය දැන් ජාතික රූපවාහිනියෙන් සති අන්තයේ රාත්‍රී 8.30ට විකාශය කෙරේ. ජනප්‍රිය හා අතිදක්ෂ නළු නිළි කැළක් මෙහි චරිත මවති. සරත් කොතලාවල, මාධනී මල්වත්ත, අකලංක ප්‍රභාෂ්වර, තරින්දි ප්‍රනාන්දු, සනත් විමලසිරි, නිම්මි මනෝහාරි, චන්දිමා කරුණාදාස, කුසල් මධුරංග, රාජා ගනේෂන්, රූපා පතිරණ, සිළිඳු රංවල, සමන්ත කුමාර ගමගේ, අංජන ප්‍රේමරත්න, එස්. අයි. සමරක්කොඩි, තිලාන් වර්ණජිත් ආදීහු මෙහි රඟති.
සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත සී. සමරකෝන්, අංග රචනයෙන් ශාලිත ගුණවර්ධන, සංගීත අධ්‍යක්ෂණයෙන් දර්ශන රුවන් දිසානායක, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, සංස්කරණයෙන් ඉන්දික ජයවර්ධන, ගැයුමෙන් තුසිත් සිම්සන් ආදීහු එක්වෙති. සමන්ත කුමාර ගමගේ තිර රචනය කළ වියළි, ‘අ’ යන්න යට Script & production House නිෂ්පාදනයකි.