Home » කතරගම සුරාසැල් වැසේ

කතරගම සුරාසැල් වැසේ

by chanaka
June 14, 2024 10:19 am 0 comment

ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සුරාසල් වසා තැබීමට තීරණය කර තිබෙන බව දැනුම්දී තිබේ.

ඒ, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම හේතුවෙනි.

මොනරාගල දිස්ත්‍රික් ලේකම්, ඇසළ පෙරහර කඳවුර භාර නිලධාරි පසන් රත්නායක මහතා කියා සිටියේ, බලපත්‍රලාභී සුරාසල් උත්සව කාලය තුළ වසා දැමීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි.

පෙරහර කමිටු නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා රැස්වීමක් ද පැවැත්වූ බව පැවසේ. එහි දී මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පළ වූ බව ද සඳහන්ය.

කතරගම ඇසළ පෙරහර මංගල්‍යය සඳහා මෙවර ද උතුරු, නැගෙනහිර සිට කුමන හා යාල ජාතික වනෝද්‍යානය හරහා පාද යාත්‍රාවේ පැමිණෙන හින්දු බැතිමතුන් පැමිණීමට නියමිතව ඇත.

ඔවුන් සඳහා කුමන වන උද්‍යානයෙන්, ඔකද දේවාලය අසලින් (යාල වනෝද්‍යානයට ඇතුළු වීමේ) පිවිසුම් ‍දොරටුව විවෘත කිරීම 2024.07.02 වැනි දින පෙරවරුවේ සිදු කරනු ඇත.

මේ අතර, පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3ක සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් තුළ වේ.

ඒ අනුව, එළඹෙන පොසොන් සතිය වන ජුනි 18 හා ජුනි 24 දක්වා කාලය තුළ වසා තැබීමට මෙම තීරණය ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT