Home » ඇල්ජීරියා ජනරජයේ තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

ඇල්ජීරියා ජනරජයේ තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

by yasara
June 14, 2024 10:02 am 0 comment

ඇල්ජීරියානු ජනරජයේ ශ්‍රී ලංකාවේ නව තානාපති වශයෙන් පත්කළ අලි අචෝයි (Ali Achoui) මහතා පසුගියදා කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය.

මෙම හමුවේදී දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා – ඇල්ජීරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව ඇල්ජීරියානු තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ තේ, කුරුඳු සහ ඇඟලුම් කර්මාන්ත හරහා දෙරට අතර වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා ගැනද අවධානය යොමු විය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT