අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වුණා යැයි කියා විශ්වකර්ම බලයෙන් හෝ මැජික් බලයෙන් රටේ ආර්ථිකය අනෙක් පැත්ත හැරවිය නොහැකි යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
ගුවන්විදුලි නාළිකාවක ආර්ථිකය සම්බන්ධයෙන් පසුගියදා පැවැති වැඩසටහනකට ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීවේය.
අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වුණා කියලා විශ්වකර්ම බලයෙන් මැජික් බලයෙන් මේක අනෙක් පැත්ත හරවන්න ක්‍රමයක් නැහැ. අප මේ ගමන යන්න ඕනෑ අමාරුවෙන්. කැප කිරීමක් කරලා. කිරි තේ වෙනුවට කහට එක හරි බීලා තමයි මේ ගමන යන්න ඕනෑ. අනවශ්‍ය වියදම් කපා හැරලා අරපරිස්සමින් අපේ ගෙදර ආර්ථිකය කළමනාකරණය කර ගත්තොත් අප එක කරමු යැයි ද හෙතෙම කීවේය.