Home » වැසුණු කඩුගන්නාව යළි විවෘත කෙරේ

වැසුණු කඩුගන්නාව යළි විවෘත කෙරේ

by chanaka
June 9, 2024 10:41 am 0 comment

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස ගමනාගමනය සඳහා මේ වනවිට විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

කෙසේවෙතත් රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විමසිලිමත් වන ලෙසය.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස ඊයේ (08) පස්වරු 7.30 සිට හෙට (09) අලුයම 01 දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගැණුනි.

ඒ, වැසි තත්ත්වයත් සමඟ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය දෙපස පවතින අවදානම් සහිත ගල් සහ ගස් ඉවත්කිරීමේ කටයුතු ආරම්භවීම හේතුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT