Monday, July 1, 2024
Home » යගු­ලිය විසි කිරී­මෙන් ෆිජී අග­මැතිට ලෝකඩ පද­ක්ක­මක්

යගු­ලිය විසි කිරී­මෙන් ෆිජී අග­මැතිට ලෝකඩ පද­ක්ක­මක්

by damith
June 8, 2024 1:15 am 0 comment

ෆීජි දූපත් අග­මැති සිචි­වේනි රම්බූකා යගු­ලිය විසි කිරීමේ ඉස­ව්ව­කින් ලෝකඩ පද­ක්ක­මක් දිනා ගැනී­මට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඕෂ­නියා මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට එක්වූ අග­මැ­ති­ව­රයා එහිදී මීටර් 7.09ක දක්ෂ­තා­වක් සමඟ මේ පද­ක්කම දිනා­ගෙන ඇත.

රට­වල් 14ක මලල ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් එක්වන මේ තර­ගා­ව­ලි­යේදී 75 හැවි­රිදි ෆීජි අග­මැ­ති­ව­රයා අවු­රුදු 65ට වැඩි වයස් කාණ්ඩ­යෙන් තරග බිමට පිවිස තිබේ.

සමස්ත කාණ්ඩ­යෙන් අට වැනි ස්ථාන­යට පත්වූ ඔහුගේ දක්ෂ­තාව හේතු­වෙන් අවු­රුදු 75 – 79 උප කාණ්ඩය නියෝ­ජ­නය කළ සිව්දෙ­නා­ගෙන් තෙවැනි ස්ථාන­යට පත්විය.

අවු­රුදු 75ට වැඩි වයස් කාණ්ඩයේ කව­පෙත්ත විසි­කි­රීම ඉසව්වේ හය වැනි ස්ථාන­යට පත්වී­මට සිචි­වේනි රම්බූකා 1974දී පොදු රාජ්‍ය මණ්ඩ­ලීය ක්‍රීඩා උලෙ­ළට එක්වූ ෆීජි ජාතික කණ්ඩා­යම ද නියෝ­ජ­නය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x