Home » ස්කොට්ල­න්තය නැමී­බි­යාව පර­ද­වයි
විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට්

ස්කොට්ල­න්තය නැමී­බි­යාව පර­ද­වයි

by damith
June 8, 2024 1:17 am 0 comment

විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ 12 වැනි තර­ග­යෙන් නැමී­බි­යා­වට එරෙ­හිව කඩුලු 5ක ජයක් වාර්තා කිරී­මට ස්කොට්ල­න්තය සමත් විය.

‘බී’ කාණ්ඩය යටතේ බ්‍රිජ්ට­වු­න්හිදී පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් නැමී­බියා පිල කඩුලු 9ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා­ගිය ස්කොට්ල­න්තය ඕවර 18.3කදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 5ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

ස්කොට්ලන්ත ජය­ග්‍ර­හ­ණයේ නිය­මුවා වූ මයි­කල් ලීස්ක් වේග­වත් ලකුණු 35ක් රැස් කළේ පන්දු 17කදී හතරේ පහර 4ක් සම­ඟිනි. නායක රිචී බෙරි­න්ටන් පන්දු 35කදී නොදැවී ලකුණු 47ක් රැස් කළ අතර, මයි­කල් ජෝන්ස් ලකුණු 26ක් ඉනි­මට එක් කළේය. පන්දු යැවී­මේදී ගර්හාර්ඩ් ඉරැ­ස්මස් කඩුලු 2ක් දවා ගත්තේය.

නාය­ක­ත්වයේ ඉනි­මක් ක්‍රීඩා කළ ගර්හාර්ඩ් ඉරැ­ස්මස් ලකුණු 51ක් රැස් කර­මින් පළ­මුව පන්දු­වට පහ­ර­දුන් නැමී­බියා ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා විය. පන්දු 31කට මුහු­ණ­දුන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි. සේන් ග්‍රීන් ලකුණු 28ක් ඉනි­මට එක් කළේය. පන්දු යැවී­මේදී බ්‍රැඩ් වීල් කඩුලු 3ක් සහ බ්‍රැඩ් කියුරි කඩුලු 2ක් දවා ගත්හ.

නැමී­බි­යාව – 155/9 (ඕවර 20) ගර්හාර්ඩ් ඉරැ­ස්මස් 51, සේන් ග්‍රීන් 28 (බ්‍රැඩ් වීල් 33/3, බ්‍රැඩ් කියුරි 16/2)

ස්කොට්ල­න්තය – 157/5 (ඕවර 18.3) රිචී බෙරි­න්ටන් 47, මයි­කල් ලීස්ක් 35ක්, මයි­කල් ජෝන්ස් 26 (ගර්හාර්ඩ් ඉරැ­ස්මස් 29/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT