Monday, July 1, 2024
Home » ක්‍රිකට් පිටිය ගිනි­යම් වන ඉන්දු-පාකි­ස්තාන ගැටුම හෙට

ක්‍රිකට් පිටිය ගිනි­යම් වන ඉන්දු-පාකි­ස්තාන ගැටුම හෙට

by damith
June 8, 2024 1:18 am 0 comment

ලෝක ක්‍රිකට් පිටියේ වැඩිම අව­දා­න­යක් දිනා ගන්නා පරම ප්‍රති­වා­දීන්ගේ තර­ගය බවට පත්වන ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය අතර විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ මූලික වටයේ තරග හෙට (9) ශ්‍රී ලංකා වේලා­වෙන් රාත්‍රී 8.00ට ආරම්භ වෙයි.

මේ තර­ගය ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැ­ත්වෙන අතර, තර­ගයේ ජය පාකි­ස්තා­න­යට තීර­ණා­ත්මක වී තිබේ. ඉන්දි­යාව සහ­භා­ගිවූ පළමු තර­ග­යෙන් අය­ර්ල­න්තය පරා­ජය කළ අතර, පෙරේදා පැවති තර­ග­යේදී පාකි­ස්තා­නය සුපිරි ඕව­ර­යේදී සත්කා­රක අමෙ­රි­කාව හමුවේ පරා­ජ­යට පත්විය.

සුපිරි වට­යට එක්වී­මට නම් අවම වශ­යෙන් තරග 4න් 3ක් ජය­ගත යුතු අතර, එහි වැඩිම අව­ස්ථාව ඉන්දි­යාව සතුව තිබේ.

අමෙ­රි­කාව මේ වන විට ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනි­මින් සුපිරි වට­යට ආස­න්න­යට ගොස් සිටින අතර, පාකි­ස්තා­නය හෙට තර­ගය පරා­ජය වුවද සුපිරි වට­යට එක්වීමේ අව­ස්ථාව අහිමි නොවනු ඇත.

කෙසේ වෙතත් ඒ සඳහා ඔවුන්ට ඉතිරි තරග දෙක (අය­ර්ල­න්තය සහ කැන­ඩා­වට එරෙ­හිව) ජය ගැනීම අනි­වා­ර්යය වෙයි. එමෙන්ම අමෙ­රි­කානු කණ්ඩා­යම ද ඉතිරි තරග දෙකම (ඉන්දි­යාව සහ අය­ර්ල­න්ත­යට හමුවේ) පරා­ජය වන තෙක් බලා සිටී­මට සිදු වන අතර, එසේ වුව­හොත් පාකි­ස්තාන සහ අමෙ­රිකා කණ්ඩා­ය­ම්වල ප්‍රසාද ලකුණු සම­වන බැවින් ඉහළ ශුද්ධ ලකුණු වේග­යක් සහිත කණ්ඩා­ය­මට සුපිරි වට­යට එක්වී­මට අව­ස්ථාව හිමි වනු ඇත. මේ වන විට අමෙ­රි­කාව +0.626ක් ද පාකි­ස්තා­නය 0.000 ලෙස ද ශුද්ධ ලකුණු වේගය සට­හන්ව ඇත.

පළමු තර­ගයේ අමෙ­රි­කාව හමුවේ පරා­ජය වීම හේතු­වෙන් බාබර් අසාම් ප්‍රමුඛ පාකි­ස්තාන කණ්ඩා­ය­මට ක්‍රීඩා ලෝලීන්, ආධා­ර­ක­රු­වන් සහ හිටපු පකි­ස්තාන ක්‍රිකට් ක්‍රීඩ­ක­ගෙන් විවේ­ච­න­යට ලක්ව තිබේ.

ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය විස්සයි20 පිටි­යේදී මේ වන විට තරග 12කදී හමුව ඇති අතර, ඉන් තරග 8 ජය ඉන්දි­යාව සතු වෙද්දී පාකි­ස්තා­නය ජය ගෙන ඇත්තේ තරග 3ක් පමණි. ලකුණු සමවූ තර­ග­යක ද ජය ඉන්දි­යාව සතුවී තිබේ.

අව­සන් වරට 2022 වසරේ ඔස්ට්‍රේ­ලි­යාවේ පැවති විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ සුපිරි 12 වට­යේදී දෙපිල හමුවූ අතර, එම තර­ග­යෙන් ඉන්දි­යා­වට කඩුලු 4ක ජයක් අත්විය.

මේ අතර හෙට පැවැ­ත්වෙන තර­ගය මෙවර ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ඉහ­ළම මිලක් සහිත ප්‍රවේ­ශ­පත් අලෙවි කළ තර­ගය බවට පත්ව තිබේ. මේ තර­ගයේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර­යක මිල අමෙ­රි­කානු ඩොලර් 300ක් වන අතර, ඒවා මේ වන විටත් විකුණා අව­සන් වී තිබේ. ඩොලර් 2,500 සිට 10000 දක්වා පරා­ස­යක ටික­පත් පත් ඉති­රිව ඇති අතර, ඒවා මිල අධික වීමත්, මේ ටික­ට්පත් කළු කඩේ අලෙවි වීමත් සිදු වෙයි. එම නිසා විදෙස් මාධ්‍ය වාර්තා­ව­ලට අනුව ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය අතර මෑතක පැවති තර­ග­ය­කදී ක්‍රීඩාං­ග­ණය ප්‍රේක්ෂ­ක­ය­න්ගෙන් පිරී නොගිය තර­ගය බවට පත්වනු ඇතැයි වාර්තා කර තිබේ.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x