විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී ආරම්භයක් ලබා සිටින ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී (ටෙස්ට්, එක්දින, විස්සයි20) හයේ පහර 600ක් එල්ල කළ පළමු ක්‍රීඩකයා බවට පත්විය.
ලෝක කුසලාන පළමු තරගයේදී අයර්ලන්තයට එරෙහිව හයේ පහර 3ක් එල්ල කිරීමත් සමඟ රෝහිත් හයේ පහර 600 සීමාවට ළඟා වූවේය. විස්සයි20 හයේ පහර 500කට වැඩි සංඛ්‍යාවක් රැස්කළ එකම ඉන්දියානු පිතිකරුවා ඔහුය. ඔහු විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම හයේ පහරවල් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි වැඩිම හයේ පහරට හිමිකම් කියයි.
රෝහිත් ෂර්මා ටෙස්ට් තරගවලදී හයේ පහර 84ක්, එක්දින ජාත්‍යන්තර තරගවලදී හයේ පහර 323ක්, විස්සයි20 ජාත්‍යන්තර තරගවලදී හයේ පහර 193ක් මේ වන විට එල්ල කොට ඇත.