Sunday, April 20, 2025
Home » කප්පම් නොදුන් බස් කොන්දො­ස්ත­රට මැර ප්‍රහා­ර­යක්

කප්පම් නොදුන් බස් කොන්දො­ස්ත­රට මැර ප්‍රහා­ර­යක්

සිරුරේ ස්ථාන 4ක තියුණු කැපුම් තුවාල

by damith
June 8, 2024 1:14 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි

පාදුක්ක – හංවැල්ල බස් රථ­යක බස් රථ කොන්දො­ස්ත­ර­ව­ර­ය­කු­ගෙන් කප්පම් ඉල්ලා ලබා නොදී­මෙන් පසු එම පුද්ග­ලයා විසින් පාදුක්ක, මීපේ මංස­න්ධිය ආස­න්න­යේදී කොන්දො­ස්ත­ර­ව­ර­යාට තියුණු ආයුධ ප්‍රහාර කිහි­ප­යක් එල්ල කර පලා­ගොස් ඇතැයි පාදුක්ක පොලි­සිය පැව­සීය.

තුවාල ලැබූ කොන්දො­ස්ත­ර­ව­රයා පාදුක්ක දිසා රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර, ඔහුගේ ශරී­රයේ ස්ථාන හත­ර­කට තියුණු ආයුධ ප්‍රහාර එල්ල වී ඇතැයි ද ප්‍රති­කාර ලැබී­මෙන් පසු පාදුක්ක දිසා රෝහලේ වාට්ටු­වක නේවා­සි­කව සිටින බවද පාදුක්ක දිසා රෝහලේ ප්‍රකා­ශ­ක­යකු කියා සිටි­යේය.

තියුණු ආයුධ ප්‍රහා­රය එල්ල කළ සැක­කරු අදාළ බස් රථ­යට තුන්නාන ප්‍රදේ­ශ­යේදී ගොඩ වී ඇති බවත්, එහිදී සැක­කරු විසින් කොන්දො­ස්ත­ර­ව­ර­යා­ගෙන් රුපි­යල් දෙද­හ­සක මුද­ලක් ඉල්ලා සිට ඇති බවත්, එම මුදල ලබා දීම කොන්දො­ස්ත­ර­ව­රයා ප්‍රති­ක්ෂේප කිරී­මෙන් පසු මෙලෙස තියුණු ආයුධ ප්‍රහා­ර­යක් එල්ල කර පලා­ගොස් ඇති බවත් අනා­ව­ර­ණය වූ බව පොලි­සිය කීය.

සැක­කරු තුන්නාන ප්‍රදේ­ශ­යේම පදිං­චි­ක­රු­වකු වන මත්ද්‍රව්‍ය පාන­යට දැඩි ලෙස ඇබ්බැහි වූ අයකු බවට හඳු­නා­ගෙන ඇති අතර, සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

පාදුක්ක පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT